31 C
Colombo
Friday, October 25, 2024

වරද පිළිගත් සිංගප්පූරු කතානායක ඉල්ලා අස්වෙයි

- Advertisement -

සිංගප්පූරු පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සහකාර මහාචාර්ය ජේම්ස් ලිම් මහතාට අසභ්‍ය වචනයෙන් කතා කල බවට වරද පිළිගැනීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සමඟ අයථා සම්බන්ධයක් පැවැත්වීම හේතුවෙන් එරට පාර්ලිමේන්තු කතානායක ටෑන් චුවාන් ජින් මහතා සිය මන්ත්‍රී ධුරයෙන් සහ කතානායක ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙන බවට වාර්තා වෙනවා.

පාර්ලිමේන්තුවේදී ශිෂ්ට සම්පන්න නොවන මෙන්ම පාර්ලිමේන්තුවට නොගැලපෙන අසභ්‍ය වචන ප්‍රකාශ කිරීමෙන් තමන් වැරද්දක් සිදුකල බවත් ඒ හේතුවෙන් කතා නායක ධුරයෙන්, පක්ෂ සාමාජිකත්වයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බවත් සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලෝන්ග් මහතා වෙත සිය ඉල්ලා අස්වීම භාර දෙමින් ටෑන් චුවාන් ජින් මහතා ප්‍රකාශ කල බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

ටෑන් චුවාන් ජින් මහතා සමග එරට පාර්ලිමේන්තු මන්ත්‍රිනී චෙන්ග් ලී වෙයි මහත්මියද සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ටෑන් චුවාන් ජින් මහතා විවාහක දෙදරු පියෙක් වන අතර චෙන්ග් ලී වෙයි මහත්මිය චුවාන් ජින් මහතා සමඟ අයථා සම්බන්ධයක් පවත්වා ඇති අතර එම සම්බන්ධය ඇයගේ ඉල්ලා අස්වීමට හේතු වී තිබෙන බවයි සඳහන් වන්නේ.

ටෑන් චුවාන් ජින් මහතා ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය ලී සියෑන් ලෝන්ග් මහතා ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට නොගැලපෙන අයුරින් හැසිරෙමින් වරදක් සිදුකල බව පිළිගැනීම තමන් අගය කරන බවත් දේශපාලනයෙන් ඉවත් වීමට ඔහු ගත් තීරණය තේරුම් ගත හැකි බවයි.

අග්‍රාමාත්‍ය වරයා ටෑන් චුවාන් ජින් මහතාගේ ඉල්ලා අස්වීම පිළිගනිමින් ඔහු දැරූ වගකීම් සියල්ල සංස්කෘතික, ප්‍රජා සහ තරුණ කටයුතු අමාත්‍ය එඩ්වින් ටොන්ග් මහතා වෙත පැවරීමට තීරණය කර තිබේ.පාර්ලිමේන්තු කතා නායක ධුරය දරන්නෙකුට විෂමාචාර චෝදනා එල්ල වීම කිසිසේත් සැහැල්ලුවෙන් ගත හැකි කරුණක් නොවන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත.

RECENT ARTICLES - SINHALA

රන්ජන්ගේ නාමයෝජනාවට එරෙහිව නඩුදාලා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. රන්ජන් රාමනායක මහතා ඉදිරි මහ මැතිවරණයට ගම්පහ...

පමුණුගම පොලීසියට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධයක්

පොලිස් අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා කරමින් ප්‍රදේශවාසින් පිරිසක් ඊයේ (24) පස්වරුවේ පමුණුගම පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත ව...

රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...