ලියාපදිංචි නොමැති බෙහෙත් ලංකාව පුරා බෙදා හැරෙමින් ඇති බව සමඟි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ කියා සිටියේ අද (18) පාර්ලිමේන්තුවේදියි.
“මේක නවත්තන්න බෑ. දැන් මේක නතර කළත් ඉක්මනට බෙහෙත් කොහෙන් ගෙනෙන්න ද? ඉදිරි මාස තුන මීට වඩා භයානකයි”
ඊට ප්‍රතිචාර ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ “මේක නිදහස් සෞඛ්‍ය ගැන ජනතාව බිය ගැන්වීමක්.මේ කියන්න උත්සාහ කරන්නේ මොකක්ද? නිදහස් සෞඛ්‍ය සේවයට නින්දිත තුච්ච ගැහිල්ලක් කරනවා.”