26 C
Colombo
Monday, January 6, 2025

කැළණි පාලමේ ඇණ ගැලවීමේ සිද්ධිය ගැන CIDයෙන් පරීක්ෂණයක්

- Advertisement -

නව කැළණි පාලමේ කෝටි 28ක ඇණ ගලවා ඇති බවට පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වන බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (18) පාර්ලිමේන්තුවේදීයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ සඳහන් කළා.

“මේ ගැන පොලීසිය පරීක්ෂණයක් පැවැත්වූවා. අලාභය ගැන පොලිසියේ පැමිණිලි කරලා තියෙනවා. පාලමට විශේෂ ආරක්ෂාව යොදවලා තියෙනවා. ඇත්ත සංඛ්‍යා දත්ත පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබාදෙනවා. රේල්පාරෙ තියෙන පොඩි යකඩ කෑල්ල පවා ගලවා ගෙන යන තත්වයක් ඇතිවෙලා තියෙනවා. ඒ ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙනවා.

රේල් පාරේ යකඩ ගැලෙව්වම දුම්රියක් වුණත් පෙරලෙන්න පුළුවන්. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.”

එහිදී අදහසක් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා,

“මම මේ අහන්නේ ඇණ පිළිබඳ කතා වස්තුව. කුඩ්ඩන් ඇණ ගැලවීමේ කතා වස්තුව. කෝටි 28 කියන්නෙ යකඩ කිලෝ හැත්තෑ හත් ලක්ෂයක්. ඒ කියන්නේ ඇණ පහළොස් ලක්ෂයක් ගලවලා. දිනකට ඇණ සියයක් ගැලෙව්වොත් ඉවර කරන්න අවුරුදු විසි එකක් යනවා. දින පන්සිය අනූ නවයක් කුඩ්ඩො ඇණ ගැලෙව්වා නම් දිනකට ඇණ 1300ක් ගලවන්න ඕන.

උදේ හයේ ඉඳලා හවස හය වෙනකම් කූඩ්ඩො ටික එකතුවෙලා ඇණ ගැලෙව්වා නම් ඇණ දහයයි ගලවන්න පුළුවන්. මේ වගේ ඇණ පිළිබඳ කතා වස්තුවක් ඔබතුමාගේ ආචාර්ය උපාධියටවත් එන්නෙ නැතුව ඇති කියලා මම හිතනවා. ඇත්තටම මෙහෙම ඇණ ගලවලාද.”

RECENT ARTICLES - SINHALA

රාජ්‍යතාන්ත්‍රික කටයුතු ගැන ජනාධිපති කාර්යාලයෙන් විශේෂ චක්‍රලේඛයක්

විදෙස් රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන, ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය දූත මණ්ඩලය සහ එතෙර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමග රජයේ අමාත්‍යාංශ සහ ආයතන පවත්වනු ලබන...

මුදල් වංචා කළ අඹුසැමි යුවල නැවතත් රිමාන්ඩ්

නීතිවිරෝධි ආකාරයෙන් අන්තර්ජාලය ඔස්සේ තැන්පතු මුදල් ලබාගෙන රුපියල් කෝටි 200කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අඹුසැමි යුවලක් එලැඹෙන 16 වැනිදා...

සමහර නාලිකාවල නම ඉර වුණාට පතුරන්නේ අඳුර – අමාත්‍ය බිමල්

ඇතැම් ප්‍රධාන  රූපවාහිනී ආයතන clean sri lanka වැඩසටහනට විරුද්ධව තම වාර්ථාකරණයේ නිරත වන බව ප්‍රවාහන ,මහාමාර්ග ,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය  බිමල් රත්නායක මහතා...

POPULAR ARTICLES