31 C
Colombo
Friday, October 25, 2024

නව බන්ධනාගාර පනතක් හඳුන්වාදීමට පියවර

- Advertisement -

නව බන්ධනාගාර පරිපාලන පනතක් හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බවට වාර්තා වෙනවා.

1877 අංක 16 දරණ බන්ධනාගාර ආඥාපනත මගින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය පාලනය වන අතර එකී ආඥා පනතේ සඳහන් විධි විධාන වත්මන් අවශ්‍යතාවයන්ට ප්‍රමාණවත් නොවන බව පෙනීගොස් ඇති බව රජය සඳහන් කරනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව බැඳී සිටින අන්තර්ජාතික නීතිමය වගකීම් සහ ප්‍රමිතීන්ට ද එකී ආඥා පනතේ ඇතැම් විධිවිධාන අනුකූල නොවන බව රජය පවසනවා.

නව බන්ධනාගාර පනතක් හඳුන්වාදීම සඳහා නීති ප්‍රතිසංස්කරණ කමිටුව විසින් මූලික කෙටුම්පතක් සකස් කර තිබෙන අතර ඒ මත පදනම්ව නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුකම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බවයි සඳහන් වන්නේ.

RECENT ARTICLES - SINHALA

වැසිකිළි පිරිසිදු කරන්න ගිය පාසල් ළමුන් පිරිසක් රෝහලේ

හදිසියේ ඇති වූ සංකූලතා තත්ත්වයක් හේතුවෙන් බලංගොඩ නගරයේ පාසලක ගැහුණු ළමුන් පිරිසක් බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. අදාළ සිසුවියන් කිහිපදෙනෙකු අද (25) යම් රසායනික...

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයටත් බෝම්බ බියක්

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බව දන්වමින් ලියාපදිංචි තැපෑලෙන් ලැබී ඇති ලිපියක් පිළිබඳව පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...

ජනපතිවරණ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා මෙන්න

පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් සිදුකළ වියදම් ඇතුළත් ලේඛනය මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ අනුව, 2024 ජනාධිපතිවරණයේ වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ සමගි ජන...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...