හයිද්‍රාබාද් පදනම් කරගත් Megha Engineering and Infrastructure සමඟ එක්ව ඉන්දියාවේ ඇමරිකානු ඩොලර් බිලියනයක ආයෝජනයකින් කර්මාන්ත ශාලාවක් පිහිටුවීමට චීන මෝටර් රථ නිෂ්පාදක BYD ගෙනා යෝජනාව ඉන්දියාව ප්‍රතික්ෂේප කර ඇති බව ඉන්දියාවේ ඉකොනොමික් ටයිම්ස් සෙනසුරාදා වාර්තා කළේය.
“ඉන්දියාවේ චීන ආයෝජන සම්බන්ධයෙන් ආරක්ෂක ගැටළු සාකච්ඡා අතරතුරදී සලකුණු කරන ලදී” යනුවෙන් ඉන්දීය නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තාව සඳහන් කරයි.
මෙම මස මුලදී BYD විසින් දේශීය සමාගමක් සමඟ එක්ව ඉන්දියාවේ විදුලි මෝටර් රථ සහ බැටරි තැනීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක ආයෝජන යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා විය.
2030 වන විට ඉන්දියාවේ විද්‍යුත් වාහන (EV) වෙළඳපොලෙන් සියයට 40 ක් අල්ලා ගැනීමට තමන් උත්සාහ කරන බව BYD පැවසීය.
නමුත් එහි ආයෝජන යෝජනාව පැමිණෙන්නේ ඉන්දියාව චීන සමාගම් පිළිබඳ පරීක්ෂාව වැඩි කරන අවස්ථාවක ය.
වැඩ නතර කර ඇති General Motors කම්හලක් මිලදී ගැනීමට ඩොලර් බිලියනයක ආයෝජනයක් සමගින් Great Wall Motor කළ සැලසුම ද අවසන් කර ගත නොහැකි වූයේ රජයේ අනුමැතිය නොලැබීම හේතුවෙනි.