26 C
Colombo
Saturday, January 11, 2025

චීනයට හමුදා තොරතුරු සැපයූ අමෙරිකානු නාවිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

- Advertisement -

චීනයට හමුදා තොරතුරු ලබාදීමේ චෝදනාව මත කැලිෆෝනියාවේ දී අමෙරිකානු නාවික හමුදාවේ සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජාතික ආරක්ෂක තොරතුරු චීන නියෝජිතයෙකුට යැවීමට කුමන්ත්‍රණය කළ බවට එක්සත් ජනපද පුරවැසියෙකු වන 22 හැවිරිදි Jinchao Wei ට චෝදනා එල්ල වී තිබෙන අතර ඡායාරූප සහ වීඩියෝ ලබාදී මුදල් ලබා ගැනීමේ චෝදනාව මත 26 හැවිරිදි Wenheng Zhao අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම පුද්ගලයින් දෙදෙනාම කැලිෆෝනියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙතෙක් එල්ලකරන ලද චෝදනා පිළිබඳ චීනය කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවද සඳහන්

ජාතික ආරක්ෂක තොරතුරු චීන නියෝජිතයෙකුට යැවීම සම්බන්ධයෙන් Jinchao Wei වරදකරු වුවහොත් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වන බවත් Wenheng Zhao ට එරෙහි චෝදනාවලට අනුව වසර 20ක උපරිම සිර දඬුවමක් හිමිවන බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

ඉන්දු-පැසිෆික් කලාපයේ මහා පරිමාණ එක්සත් ජනපද හමුදා අභ්‍යාසයක් පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා චීන බුද්ධි නියෝජිතයෙකු විසින් Wenheng Zhao ට ඩොලර් 15,000 කට ආසන්න මුදලක් ගෙවා ඇති බවටද චෝදනා එල්ල වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: මත්පැන් සහ දුම්වැටි මිල ඉහළ​ට

සියලු මත්පැන් වර්ග සඳහා වන බදු ඉහළ නැංවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව සුරාබදු 6% කින් මෙලෙස ඉහළ නංවා තිබෙනවා. අමාත්‍යාංශය සඳහන් කළේ...

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධුරය ගැන තීරණයක්

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙන්. ඒ අනුව, මේ සම්බන්ධයෙන් වන...

මව් කිරි සිරවීමෙන් බිළිඳෙක් මරුට

හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. බිළිඳාගේ දෙමාපියන්...

POPULAR ARTICLES