සමඟි ජන බලවේගය විසින් මිහින්තලේ රජමහා විහාරයේ විදුලිබිල ගෙවා දැමීමට කටයුතු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
විපක්ෂනායකවරයා එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ අදාළ ලක්ෂ 41ක හිඟ විදුලි බිලි සමඟි ජන බලවේගයේ සාමාජිකයින්ගේ සහ ධානපතීන්ගේ පරිත්‍යාගයෙන් ගෙවා දැමීමට කටයුතු කළ බවයි.
අදාළ නිවේදනය පහතින්,
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ වීඩියෝවක පරස්පර අදහස් පලකර තිබෙනවා.
ඔහු අදාළ වීඩියෝවේ එක් තැනෙක තම පක්ෂය විදුලි බිල ගෙවීමට කටයුතු කරන බව පවසන අතර තවත් තැනෙක පවසන්නේ එම විදුලි බිල ජනාධිපති අරමුදලෙන් ගෙවිය යුතු බවයි.