24 C
Colombo
Wednesday, January 8, 2025

මම බිල ගෙව්වම පන්සල්වල විදුලි බිල් ප්‍රශ්නෙත් විසඳෙනවා නම් මම බිල ගෙවනවා – නාමල්

- Advertisement -

තමන්ට ගෙවීමට ඇති බවට සඳහන් වූ විදුලි බිල සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයෙන් සිදුකළ විමසීමට තවමත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ අනුව තමාට හෝ තම පියාට කිසිදු විදුලි බිලක් මේ වන තෙක් ලැබී නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තමන්ගේ මංගල උත්සවයට විදුලිය ලබාගත්තේ විදුලි උත්පාදන යන්ත්‍රවලින් බවත්, මංගල උත්සවයට විදුලිය ලබාදෙන ලෙස ඉල්ලීමක් තමා නොකළ බවත්, ආරක්ෂාව සඳහා විදුලිය ලබාදෙන ලෙස ඩී.වී.චානක මන්ත්‍රීවරයා විසින් ඉල්ලීමක් කර තිබූ බවද ඔහු සඳහන් කළා.

විදුලි බිලක් ඇත්නම් එය ලැබීමට සලස්වන ලෙසත් නොලැබුණ විදුලි බිලක් ගෙවීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, නාමල් රාජපක්ෂගේ විදුලි බිල ගෙවූ පසු රටේ විදුලි ප්‍රශ්නය විසඳෙන බවට හෝ විහාරස්ථානවලට නොමිලේ විදුලිය ලබාදිය හැකි බවට කවුරුන් හෝ දේශපාලන වේදිකාවේ ප්‍රකාශ කරන්නේ නම් තමන්ට එවැනි බිලක් නොලැබුනත් එය ගෙවීමට සූදානම් බවයි.

RECENT ARTICLES - SINHALA

ප්‍රශ්නපත්‍ර පිටවීමේ සිද්ධියට සම්බන්ධ ගුරුවරයාගේ වැඩතහනම්

උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 6 සහ 7 ශ්‍රේණියේ වාර විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු ගුරුවරයාගේ වැඩතහනම් කර තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි...

චීනේ එක්ක ගිවිසුම් 7කට අනුමැතිය

මහජන චීන සමුහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් හතක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ චීනය සමුහ ආණ්ඩුවේ...

අඩු වියදමින් අභිමානවත් නිදහස් උළෙලක්

77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන...

POPULAR ARTICLES