26 C
Colombo
Friday, January 10, 2025

චීනයේ “ධාන්‍යාගාර” මහ වැස්සෙන් යට වෙයි

- Advertisement -

ඊසානදිග චීනයේ ප්‍රධාන ධාන්‍ය නිෂ්පාදනය කරන ප්‍රදේශයේ, දින කිහිපයක ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දරුණු ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති අතර එමඟින් පුද්ගලයන් 14 දෙනෙකු මිය ගොස් ඇති අතර ගංවතුරෙන් ගොවිබිම් යටවීම නිසා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රශ්න මතු වී ඇති බව සීඑන්එන් වාර්තා කරයි.

ජුලි අග සිට, ඩොක්සුරි සුළි කුණාටුවෙන් පසු උතුරු චීනයට බල පා ඇති අධික වර්ෂාව හේතුවෙන්, මිලියනයකට අධික ජනතාවකට තම නිවෙස් අතහැර පලා යාමට සිදුව තිබේ.

ගංවතුරට ගසාගෙන ගොස් මියගිය අය අතර Shulan හි නියෝජ්‍ය නගරාධිපති ඇතුළු ප්‍රාදේශීය නිලධාරීන් තිදෙනෙකු ද සිටින බව ප්‍රාදේශිය බලධාරීන් උපුටා දක්වමින් සීඑන්එන් වාර්තා කර තිබුණි.

හීලොංජියැන්ග් හි තවත් වැදගත් සහල් නිපදවන අගනගරයක් වන වුචැං නගරයේ බලධාරීන් ගම්මාන ගණනාවක් සහ සැලකිය යුතු ගොවිබිම් ද ජලයෙන් යටවීමෙන් පසුව තවමත් හානිය ගණනය කරමින් සිටී.

දේශගුණික විපර්යාස හා සම්බන්ධ ආන්තික කාලගුණික සිදුවීම් චීනයේ කෘෂිකාර්මික හා ආහාර සම්පත්වලට බලපෑමක් එල්ල කර ඇති බැවින්, ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයේ ආහාර සුරක්ෂිතතාවයට ඇති විය හැකි බලපෑම් පිළිබඳ කනස්සල්ල වැඩි වී ඇති බව CNN පවසයි.

ඊසානදිග චීනයේ හීලොංජියැන්ග්, ජිලින් සහ ලියාඕනිං චීනයේ ධාන්‍යාගාර ලෙස හඳුන්වනු ලබන්නේ එම ප්‍රදේශයේ සාරවත් කළු පස හේතුවෙන් ජාතියේ ධාන්‍ය නිෂ්පාදනයෙන් පහෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බැවිනි.

RECENT ARTICLES - SINHALA

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධුරය ගැන තීරණයක්

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙන්. ඒ අනුව, මේ සම්බන්ධයෙන් වන...

මව් කිරි සිරවීමෙන් බිළිඳෙක් මරුට

හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. බිළිඳාගේ දෙමාපියන්...

භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමේ

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හෙට (11) දහවල් 12.00න් පසු විශ්වවිද්‍යාලය වසා දැමීමට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ...

POPULAR ARTICLES