27 C
Colombo
Thursday, January 2, 2025

දේශබන්දුගේ ෆේස්බුක් පිටුවට හැකර් ප්‍රහාරයක්

- Advertisement -

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිල ෆේස්බුක් පිටුවට හැකර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ඒ අනුව අදාළ ෆේස්බුක් පිටුවේ මේ වන විට online අන්තර්ජාල ක්‍රීඩාවක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් දේශබන්දු තෙන්නකෝන් මහතා පවසන්නේ තමන්ගේ ෆේස්බුක් පිටුවට කිසියම් අයෙක් අනවසරයෙන් ඇතුළු වී ඇති බවයි.

එබැවින් මෙම facebook පිටුව හරහා සිදුකරනු ලබන කිසිදු තොරතුරක් තමන් විසින් පලකරනු ලබන්නක් නොවන බවත් ඊට ප්‍රතිචාර නොදක්වන ලෙසත් තෙන්නකෝන් මහතා ඉල්ලා තිබෙනවා.

ගිණුම නැවත යථා තත්ත්වයට පත්කරගැනීමටත් මෙම ක්‍රියාවට අදාළව නිත්‍යානුකූල පියවර ගැනීමටත් තමන් කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.

මීළඟ පොලිස්පති ධූරය අපේක්ෂාවෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගිය කාලය පුරාවටම විවිධ ක්‍රියාකාරකම්වල නිරත වුවද යළිත් වරක් සී.ඩී. වික්‍රමරත්න මහතා හටම සේවා දිගුවක් ලබාදෙමින් පොලිස්පති ධූරය ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළා.

ඔහුගේ ෆේස්බුක් පිටුවට සිදුව ඇති දෙය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වමින් විවිධ පාර්ශවයන් ප්‍රශ්න කර ඇත්තේ තමන්ගේ ෆේස්බුක් පිටුව ආරක්ෂා කරගැනීමට නොහැකි දේශබන්දු තෙන්නකෝන් මහතා මහජන ආරක්ෂාව සලසන්නේ කෙසේද යන්නයි.

RECENT ARTICLES - SINHALA

හෙට වැසි තත්ත්වයේ අඩුවීමක්

උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට පවතින වැසි තත්වයේ තාවකාලික අඩු වීමක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ...

උතුරු මැද පළාතේ වාර විභාග ප්‍රශ්න පත්‍ර ගැන චෝදනාවක්

2024 වර්ෂයේ තුන්වැනි වාර පරීක්ෂණයට අදාළව උතුරු මැද පළාතේ පාසල් දරුවන් සදහා ලබාදීමට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍රවල පිළිතුරු පත්‍ර සමාජ මාධ්‍යයේ සංසරණය වන බව...

කම්කරු අමාත්‍යාංශයෙන් විශේෂ වට්ස්ඇප් අංකයක්

ජනතාව විසින් ඉදිරිපත් කරන ලිපි සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා කම්කරු අමාත්‍යාංශය විශේෂ වට්ස්ඇප් අංකයක් හදුන්වා දී තිබෙනවා. 070 722 787 7 යන අංකය මගින්...

POPULAR ARTICLES