26 C
Colombo
Friday, January 10, 2025

නිල සංචාරයක් සඳහා අගමැති චීනයට

- Advertisement -

සිව්දින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ඊයේ (14) පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි.

හෙට (16) දිනයේ සිට ලබන 20 වන දින දක්වා චීනයේ කුන්මින්හි දී පැවැත්වෙන චීන දකුණු ආසියානු ආනයන හා අපනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගී වීමට නියමිතව තිබෙනවා.

මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා රටවල් 60ක් සහභාගී වන අතර පොදු සංවර්ධනය සඳහා සහයෝගිතාව සහ සම්බන්ධීකරණය මෙම ප්‍රදර්ශනයේ තේමාව බව සඳහන්.

මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සීමානිර්ණ කොමිෂන් සභාවේ සාමාජිකයින් සමඟ විශේෂ සාකච්ඡාවක් ඊයේ ආග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබේ.

පළාත් සභා සීමානිර්ණය පිළිබඳ අදහස් සහ මතය විමසීම සඳහා එම සාකච්ඡාව කැඳවා තිබූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

RECENT ARTICLES - SINHALA

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධුරය ගැන තීරණයක්

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙන්. ඒ අනුව, මේ සම්බන්ධයෙන් වන...

මව් කිරි සිරවීමෙන් බිළිඳෙක් මරුට

හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. බිළිඳාගේ දෙමාපියන්...

භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමේ

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හෙට (11) දහවල් 12.00න් පසු විශ්වවිද්‍යාලය වසා දැමීමට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ...

POPULAR ARTICLES