25.2 C
Colombo
Sunday, November 24, 2024

දකුණු මුහුදේ ප්‍රශ්න සාමාකාමීව විසඳාගන්න – ඉන්දියාව ඉල්ලයි

- Advertisement -

චීන වෙරළාරක්ෂක නෞකාවක් විසින් පිලිපීන වෙරළාරක්ෂක යාත්‍රාවකට ජල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව කියා සිටියේ දකුණු චීන මුහුදේ ගැටලු සාමකාමීව විසඳා ගත යුතු බවයි.

චීනය සහ පිලිපීනය ජාත්‍යන්තර නීතිවලට අනුගත විය යුතු බවද ඉන්දියාව අවධාරණය කළේය.

“දකුණු චීන මුහුදේ වර්ධනයන් සම්බන්ධයෙන් අප සිටින්නේ කොතැනදැයි මට අවධාරණය කිරීමට ඉඩ දෙන්න. සාමකාමීව සහ නීතිරීති මත පදනම්ව ගැටලු විසඳා ගත යුතු බව අපට සැමවිටම විශ්වාස කරන අතර, එය අනුගමනය කරන ලෙස මෙන්ම එවැනි සිදුවීම් සිදු නොවන බවට සහතික කරන ලෙස අපි පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටිමු.” විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි පැවසුවේ චීනය සහ පිලිපීනය අතර ආතතිය සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින්ය.

දකුණු චීන මුහුද සම්බන්ධ ආරවුල් සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් ජාත්‍යන්තර නීතිවලට අනුගත විය යුතු බවට ඉන්දියාව දිගුකාලීන ස්ථාවරයක සිටින බව ඔහු යළිත් අවධාරණය කළේය.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES