දින නියමයක් නොමැතිව දැනට වසා දමා තිබෙන ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සියලුම පීඨවල අධ්‍යායන කටයුතු මේ මස 21 වන දින යළි ආරම්භ කරන බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසනවා .
ඒ අනුව තෙවන වසරේ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර සරසවි සිසුන් 20 වන දින වන විට සිය නේවාසිකාගාරවලට පැමිනෙන ලෙසට දැනුම් දී තිබෙනවා .
මේ අතර ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සියලුම පීඨවල අධ්‍යායන කටයුතු මේ මස 28 වන දින යලි ආරම්භ කරන බවත් එම දෙවන වසරේ සියලුම පීඨවල සිසුන්ට සැප්තැම්බර් මස 2 දින සිට සති දෙකක කාලයක් පුරා අධ්‍යයන නිවාඩු ලබා දෙන බවත් උපකුලපතිවරයා සඳහන් කළා.
ඒ අනුව එම සිසුන්ගේ විභාගය සැප්තැම්බර් මස 18 වන දින ආරම්භ වීමට නියමිත බව උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසනවා .