25.7 C
Colombo
Sunday, November 24, 2024

පාකිස්තානයේත් ඇමෙරිකානු කුමන්ත්‍රණ

- Advertisement -

රුසියාව සහ යුක්රේනය අතර ගැටුමේදී මධ්‍යස්ථව කටයුතු කිරීම හේතුවෙන් ඉම්රාන් ඛාන් රටේ අගමැති ධුරයෙන් ඉවත් කරන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව 2022 මාර්තු 7 වන දින රැස්වීමකදී පාකිස්තාන රජය දිරිමත් කළ බව රහසිගත ලේඛනයක් උපුටා දක්වමින් එක්සත් ජනපදය පදනම් කරගත් ප්‍රවෘත්ති ආයතනයක් වන ‘ද ඉන්ටර්සෙප්ට්’ වාර්තා කළේය.

පසුගිය වසර එකහමාරක කාලය තුළ හිටපු පකිස්ථාන අගමැති සහ ඔහුගේ මිලිටරි හා සිවිල් විරුද්ධවාදීන්ගේ බල අරගලය මධ්‍යයේ එක්සත් ජනපදයේ පකිස්ථාන තානාපතිවරයා සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් දෙදෙනෙකු අතර හමුව පකිස්ථානයේ දැඩි පරීක්ෂාවට, මතභේදයට සහ සැකයට කරුණක් විය.

ද ඉන්ටර්සෙප්ට් වාර්තාවට අනුව ඛාන්ට දූෂණ චෝදනා මත වසර තුනක සිර දඬුවමක් නියම වූ අගෝස්තු 5 වැනිදා දේශපාලන අරගලය තවත් උග්‍ර විය.

අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලද තීන්දුව හේතුවෙන් ඛාන්ට මේ වසර අගදී පකිස්ථානයේ පැවැත්වීමට නියමිත මැතිවරණයට තරඟ කිරීමට නොහැකි වී තිබේ.

පකිස්තාන ආන්ඩුවේ රහසිගත ලේඛනයට අනුව එක්සත් ජනපද නිලධාරීන් සමඟ රැස්වීමෙන් මාසයකට පසු, පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් පැවැත්විණි, එහි ප්‍රතිපලයක් ලෙස ඛාන් බලයෙන් නෙරපා හැරියේය.

පකිස්ථානු පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට පකිස්ථාන හමුදාවේ සහය ලැබෙන බවට විශ්වාස කෙරිණි.

පසුගිය වසරේ මාර්තු මාසයේදී පාකිස්තානයේ එවකට අගමැති ඉම්රාන් ඛාන් “විදේශ කුමන්ත්‍රණ” චෝදනාව මතු කළේය.

සමහර මිත්‍ර පාක්ෂිකයින්ගේ සහයෝගය අහිමි වීමෙන් පසු ඔහුගේ සභාග රජයට බහුතරය අහිමි වී ඇති බවක් පෙනෙන්නට තිබියදී ජාතිය අමතමින් ඛාන් කියා සිටියේ විදේශ බලවේගයක් තමා ඉවත් කළ යුතු බවට පණිවිඩයක් එවූ බවත් එසේත් නැතිනම් පාකිස්තානය ප්‍රතිවිපාකවලට මුහුණ දෙන බවත්ය.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES