අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, එක්සත් ජනපද කොංග්රස් නියෝජිතයින් හමුවූ අතර ඉන්දියා-එක්සත් ජනපද විස්තීර්ණ ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ඉහළ නැංවීම සඳහා එක්සත් ජනපද කොංග්‍රසයේ ශක්තිමත් ද්විපාර්ශ්වික සහයෝගය උපකාරී වන බව සඳහන් කළේය.
මෙම හමුව සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් නරේන්ද්‍ර මෝදි පැවසුවේ ඉන්දියානු-එක්සත් ජනපද විස්තීර්ණ ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ඉහළ නැංවීම සඳහා කොංග්රස් මණ්ඩලයේ ඉන්දීය සංසදය වෙතින් ප්‍රබල සහයෝගයක් ලැබෙන බවයි.
නියෝජිත පිරිස ඉන්දීය සංසදයේ සම සභාපතිවරුන් වන ආර් ඕ ඛන්නා සහ මයික් වෝල්ට්ස් විසින් ප්‍රධානත්වය දැරීය.
දූත පිරිස ඉන්දියාවට සාදරයෙන් පිළිගනිමින් අගමැති මෝදි, ඉන්දියා-එක්සත් ජනපද සබඳතා සඳහා එක්සත් ජනපද කොංග්‍රසයේ “ස්ථිර සහ ද්විපාර්ශ්වික සහයෝගය” සඳහා තම ප්‍රශංසාව පල කළේය.
අග්‍රාමාත්‍ය කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “ඉන්දියා-එක්සත් ජනපද විස්තීරණ ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වය පදනම් වී ඇත්තේ හවුල් ප්රජාතන්ත්රවාදී වටිනාකම්, නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම සහ ශක්තිමත් මිනිසුන් අතර සබඳතා මත බව අගමැති සහ එක්සත් ජනපද නියෝජිත පිරිස අවධාරණය කළහ.” බවයි.
මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් බදාදා එක්සත් ජනපද කොංග්රස් නියෝජිතයින් හමුවී ඉන්දියාවේ සිදුවෙමින් පවතින පරිවර්තනය පිළිබඳව සාකච්ඡා කළේය.
ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාම පිළිබඳව දෙපාර්ශවය අදහස් හුවමාරු කර ගත්හ.