25.7 C
Colombo
Sunday, November 24, 2024

චීන හැකර්වරු කොංග්‍රස් නියෝජිතයන්ගේ ඊමේල් ගිණුම්වලටත් රිංගයි

- Advertisement -

රාජ්‍ය දෙපාර්තමේන්තු සේවකයින්ගේ ඊමේල් කියවීමට මයික්‍රොසොෆ්ට් පාරිභෝගික ප්‍රවේශය ව්‍යාජ ලෙස සකස් කළ බවට සැක කෙරෙන චීන හැකර්වරු, කොංග්‍රස් මණ්ඩලයේ සන්නද්ධ සේවා කමිටුවේ Don Baconගේ විද්‍යුත් තැපැල් ගිණුම් වෙත ඇතුලුවී තිබේ.

බේකන් පැවසුවේ, “සීසීපීය මේ වසරේ මැයි 15 සිට ජුනි 16 දක්වා මගේ පුද්ගලික සහ ප්‍රචාරක විද්‍යුත් තැපෑලට අනවසරයෙන් ඇතුළු වූ බව මට දැනුම් දීම ගැන මම එෆ්බීඅයි වෙත ස්තූතිවන්ත වෙමි. සීසීපී හැකර්වරු මයික්‍රොසොෆ්ට් මෘදුකාංගයේ දුර්වලතාවයක් භාවිතා කර ඇති අතර මෙය පරිශීලක දෝෂයක් නිසා සිදු වූවක් නොවේ.”
“මේ අනුව, මෙම සයිබර් මෙහෙයුමේ තවත් වින්දිතයින් සිටියහ. චීනයේ කොමියුනිස්ට් රජය අපගේ මිතුරන් නොවන අතර සයිබර් ඔත්තු බැලීම් ඉතා ක්‍රියාශීලී වේ. තායිවානයට ආයුධ සැපයීම සහතික කිරීමට මම අතිකාල වැඩ කරමි.,” ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

මේ අතර, බේකන් වොෂින්ටන් පෝස්ට් වෙත පවසා සිටියේ, ඔහු තායිවානයේ විශාල අනුගාමිකයෙකු බවත්, ඔහුව අපහසුතාවයට පත් කිරීමට හෝ දේශපාලනික වශයෙන් ඔහුව යටපත් කිරීමට හැකරුවරු උත්සාහ කරන්නට ඇති බවට ඔහු සැක කරන බවත්ය.

මාසයකට පෙර, එක්සත් ජනපද ආන්ඩුව සහ පුද්ගලික මූලාශ්‍ර Washington Post වෙත පවසා තිබුණේ, චීන හැකර්වරුන් වාණිජ ලේකම් ජිනා රයිමොන්ඩා, තවත් නම් නොකළ රාජ්‍ය දෙපාර්තමේන්තු සේවකයින්, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නෙකු සහ චින්තන පර්ෂද ඇතුළු ගිණුම් කිහිපයකට චීන හැකර්කරුවන් අනවසරයෙන් ඇතුළු වූ බවයි.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES