31 C
Colombo
Friday, January 10, 2025

එන්නතක් විෂ වී තවත් දරුවෙක් ජීවිතක්ෂයට

- Advertisement -

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ මාස 8ක් වයසැති බිලිඳෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

බිලිඳාගේ මව්පියන් චෝදනා කරන්නේ ලබාදුන් එන්නතකින් පසු අසාධ්‍ය වීම හේතුවෙන් දරුවා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටියදී ජීවිතක්ෂයට පත් වූ බවයි.

මෙලෙස අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත් වූයේ අවිස්සාවේල්ල ඇපලපිටිය ප්‍රදේශයේ මාස 8ක් වයසැති බිළිදෙකු බවයි සඳහන් වෙන්නේ.

උණ රෝගයෙන් පෙළීම හේතුවෙන් අගෝස්තු 04 වනදා මෙම බිළිඳා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබුණා.

වැඩිදුර ප්‍රතිකාර සඳහා බිලිඳා අගෝස්තු 05 වනදා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබූ අතර මව්පියන් චෝදනා කරන්නේ ලබාදුන් එන්නතකින් පසු අසාධ්‍ය වීම හේතුවෙන් දරුවා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටියදී බිළිඳා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

බිලිඳාගේ මරණය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා
ප්‍රකාශ කර සිටියේ මෙම බිලිඳු මරණය සහ පසුගියදා කැලණිය ප්‍රදේශයෙන් වාර්තා වූ දරුවාගේ මරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් අද දිනයේ සිදුකරන බවයි.

RECENT ARTICLES - SINHALA

භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමේ

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හෙට (11) දහවල් 12.00න් පසු විශ්වවිද්‍යාලය වසා දැමීමට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ...

සිරකරුවන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරු මුදල් ගන්න ජාවාරමක

බන්ධනාගාර රෝහල්වලින් ප්‍රතිකාර ලබන රැදවියන් හට ප්‍රතිකාර කිරීමට ඇතැම් රෝහල් වෛද්‍යවරු රුපියල් ලක්ෂ තුනක සිට ඉහළ මුදලක් අය කරන ජාවාරමක් සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදු...

උදයංග රිමාන්ඩ්

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහු ලබන...

POPULAR ARTICLES