26 C
Colombo
Saturday, November 23, 2024

කඩා වැටෙන චීන දේපළ වෙළෙඳ අංශය

- Advertisement -

චීන දේපල වෙළඳාම් දැවැන්තයෙකු වන කන්ට්‍රි ගාර්ඩන් සමාගමට ඩොලර් බිලියන ගණනක පාඩුවක් සිදුව ඇති අතර නොගෙවූ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 200 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම තත්ත්වය තුළ චීනයේ නගර සිය ගණනක මහල් නිවාස මිලියනයකට ආසන්න ප්‍රමාණයක් නිම කර භාර දීම අවිනිශ්චතව ඇතැයි නවතම වාර්තාවක් අනාවරණය කළේය.

දශක තුනකට පෙර ආරම්භ කරන ලද පුද්ගලික සමාගාම බංකොලොත් වීම ආසන්නයටම පැමිණෙමින් සිටී.

චීනයේ නිවාස වෙලඳපොලේ, ණය නොගෙවන සමාගම් රැසකි.

කන්ට්‍රි ගාර්ඩන් බංකොලොත් වීම වසර ගණනාවක් තිස්සේ පීඩාවට පත් වූ නිවාස වෙලඳපොලක කඩාවැටීම් මාලාවක නවතම අවස්ථාව වනු ඇත.

කොවිඩ් අගුලු දැමීම්වලින් අනතුරුව රටේ ආර්ථික පිම්මක් පාලකයින් අපේක්ෂා කළද නිවාස මිල පහත වැටීම, වියදම් කිරීම සහ පාරිභෝගික සහ ව්‍යාපාරික විශ්වාසය හීන වීම වැනි අයහපත් තත්ත්වයක් වර්ධනය වෙමින් පවතී.

මේ වන විට ඇති බිය නම්, කන්ට්‍රි ගාර්ඩන් හි කරදර පුලුල් මූල්‍ය වෙලඳපොලවල් තුලට ගලා එනු ඇති අතර, දේපල වෙළඳාම් කර්මාන්තයේ ඇති විය හැකි ඕනෑම ප්‍රකෘතියක් වළක්වාලුනු ඇති බවටයි.

අගෝස්තු මස මුලදී, කන්ට්‍රි ගාර්ඩන් ණය සඳහා පොලී වාරික දෙකක් මඟ හැරියේය.

එය සැප්තැම්බර් මුල වන විට නොගෙවන්නේ නම් හෝ එම දින 30 සහන කාලය දිර්ඝ නොවන්නේ නම් සමාගම බංකොලොත් වනු ඇත.

සමාගමේ කොටස් මිල හොංකොං හි ඩොලර් 1 ට වඩා පහත වැටී තිබේ.

වසරේ මුල් මාස හය තුළ සමාගමේ පාඩුව ඩොලර් බිලියන 7.6 ක් ලෙස පුරෝකතනය කර ඇත.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES