25.6 C
Colombo
Wednesday, April 2, 2025

Tattoo ගහපු අය බරපතල අවුලක – ජීවිත අවදානමකුත් ඇති කරගෙන

- Advertisement -

පච්ච කොටා ගෙන ඇති පුද්ගලයින්ගෙන් රුධිරය ලබාගැනීම සිදු නොකරන බව ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අධ්‍යක්ෂවරයා පෙන්වා දී ඇත්තේ පච්ච කෙටීම හේතුවෙන් සමාජ රෝග බෝවීමේ ප්‍රවණතාවය ඉහල යාම සහ මෙරට ටැටූ මධ්‍යස්ථාන බොහොමයක් නියමිත සෞඛ්‍ය නිර්දේශ අනුගමනය නොකිරීම හේතුවෙන් එම අවදානම තවදුරටත් තීව්‍ර වීම බවයි.

මෙම තත්වය තවදුරටත් පැහැදිලි කළ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා අවධාරණය කරන්නේ එක් රුධිර දායකයෙකුගේ රුධිරය සංඝටක ලෙස වෙන් කර රුධිර ග්‍රාහකයින් හතර දෙනෙකුට පමණ ලබා දීමක් සිදුවන බැවින් ඔවුන්ගේ ජීවිත සම්බන්ධයෙන් අනවශ්‍ය අවධානමක් නොගැනීමට ජාතික රුධිර පාරවිලයන සේවය මෙම තීරණය කර ඇති බවයි.

ඒ අනුව පච්චයක් හෝ සම විනිවිද යැවීමක් සිදුකරමින් කරාඹු දැමීම වැනි කටයුතු සිදුකර ඇති පුද්ගලයින් අදාළ කටයුත්ත සිදුකොට වසරක් යනතුරු රුධිරය දායකයින් ලෙස සම්බන්ධ කර නොගන්නා බව ඔහු මෙහිදී අවධාරණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මි.මී 100 ඉක්මවූ වැසි

දකුණු සහ නැගෙනහිර පළාත්වල අද (02) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ...

ජනතාවට පහසු මිලට පෝෂ්‍යදායී ආහාර වේලක්

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් රජය හඳුන්වාදුන් වැඩසටහන අද (01) නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන...

කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ සිටින පිරිස් වෙත රක්ෂණයක්

මෙරට කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත කාර්මිකයින් සඳහා ජීවිත රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය...

POPULAR ARTICLES

දීප ව්‍යාප්ත පිණ්ඩපාත චාරිකාවක්

භූ කම්පනයෙන් විපතට පත් මියන්මාර වැසියන්ට ආධාර ලෙස ලබාදීමට මුදල් එකතු කිරීම සඳහා අප්‍රේල් 11 වනදා දීප ව්‍යාප්ත පිණ්ඩපාත චාරිකාවක් සංවිධාන කිරීමට තීරණය කළ...

මි.මී 100 ඉක්මවූ වැසි

දකුණු සහ නැගෙනහිර පළාත්වල අද (02) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ...

ජනතාවට පහසු මිලට පෝෂ්‍යදායී ආහාර වේලක්

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් රජය හඳුන්වාදුන් වැඩසටහන අද (01) නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන...