31 C
Colombo
Tuesday, April 29, 2025

කාන්තාවන්ට එරෙහි හිංසනය වැළැක්වීම සහ ඊට එරෙහිව සටන් කිරීම සඳහා වූ ගිවිසුමෙන් තුර්කිය ඉවත්වෙයි

- Advertisement -

තුර්කියේ ජනාධිපති රිසෙප් තයියිප් එර්ගෝන් සිය පාලක පක්ෂයට ලැබුණු නවතම ජයග්‍රහණයෙන් පසු දින ජනාධිපති නියෝගයෙන් කාන්තාවන්ට එරෙහි හිංසනය වැළැක්වීම සහ ඊට එරෙහිව සටන් කිරීම සඳහා වූ ගිවිසුමෙන් ඉවත් විමට තීරණය කර තිබෙනවා.

මේ අනුව ලොව පළමු වරට එම ගිවිසුමෙන් ඉවත් වූ රට තුර්කියයි.

මෙයට විරෝධය පා තුර්කි කාන්තාවන් රැසක් මහජන විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

රටවල් 45 ක් සහ යුරෝපා සංගමය විසින් අත්සන් කරන ලද 2011 ඉස්තාම්බුල් සම්මුතියට අනුව ගෘහස්ථ හිංසනය සහ ඒ හා සමාන අපයෝජනයන් මෙන්ම විවාහක ස්ත්‍රී දූෂණ සහ කාන්තා ලිංගික අවයව විකෘති කිරීම් සම්බන්ධයෙන් නීති සම්පාදනය කරන ලෙස එකඟතාවයකට අත්සන් කර තිබෙනවා.

මෙම ප්‍රඥප්තිය පවුල් සමගියට හානි කරන බවත්, දික්කසාදය දිරිමත් කරන බවත්, සමානාත්මතාවය පිළිබඳ එහි සඳහනට අනුව සමලිංගික ප්‍රජාවට සමාජයේ පුළුල් පිළිගැනීමක් ලැබෙන බවත් බවත් කොන්සර්වේටිව්වරු ප්‍රමුඛ පාලක පක්ෂය කියා සිටිනවා.

පසුගිය සෙනසුරාදා අලුයම නිල ගැසට් පත්‍රයේ මෙම නව නිතිය ප්‍රකාශයට පත් කිරීමත් සමගින් කාන්තා අයිතිවාසිකම් කණ්ඩායම් අතර දැඩි විරෝධයක් ඇති වූ අතර ඉස්තාන්බුල්හි මීට එරෙහිව විරෝධතාවයන් සංවිධානය කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

ජූඩ් සිංගප්පුරුවේ නැහැ-අධිකරණයට දැනුම්දීමක්

රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව පසුව ජනාධිපති සමාව ලැබූ ජූඩ් ශ්‍රමන්ත නැමති විත්තිකරු මේ වන විට සිංගප්පූරුවේ නොමැති බව එරට බලධාරීන්...

ආණ්ඩුව ආවේ බංකුවේ වාඩි වෙලා ආරක්ෂාව ගැන උගන්නනවා කියලා – නාමල්

වෙඩි තැබීම්වලින් ඝාතනය වන පුද්ගලයින්ගේ ජීවිතවලට වටිනාකමක් නැති ආකාරයෙන් ආණ්ඩුව තමන්ගේ දේශපාලන භූමිකාව සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ජන රැළියක් අමතමින් මන්ත්‍රීවරයා...

අල්ලස් ගත් PHI අත්අඩංගුවට

රුපියල් 6,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීම හේතුවෙන් කරදියනාරු මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ...

POPULAR ARTICLES