27.6 C
Colombo
Saturday, November 23, 2024

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයෙන් පාකිස්තානයට දෝෂාරෝපණ

- Advertisement -

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ රහසිගත හා අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම් පිළිබඳ බහුවිධ සිද්ධීන් සම්බන්ධයෙන් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් – ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, පකිස්ථානයට දෝෂාරෝපණය කළ අතර මෙම ක්‍රියාව අවසන් කිරීමට පියවර ගන්නා ලෙසත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

එම සංවිධානය විසින් පකිස්තානයෙන් අහිංසක මිනිසුන් ඔවුන්ගේ පවුල්වල අයට නොදන්වා හිටිහැටියේ පැහැරගෙන ගිය එවැනි සිද්ධීන් රැසක් ඉදිරිපත් කරන බවද නිවේදනය කළේය.

“පකිස්තානය බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම සහ රහසිගතව සහ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමේ පුරුද්ද අවසන් කළ යුතුය. බලධාරීහු වහාම සහ කොන්දේසි විරහිතව බලහත්කාරයෙන් අතුරුදහන් වූවන් සිටින ස්ථානය ඔවුන්ගේ පවුල්වලට හෙළි කළ යුතුය. අපි අතුරුදහන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය වෙත ළඟා වන විට, මෙම අපරාධයේ සංකේතාත්මක සිද්ධීන් කිහිපයක් ඉදිරිපත් කරමු.” ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් දකුණු ආසියානු කාර්යාලය ට්විටර් සටහනක් තබමින් පැවසීය.
මේ අතර පකිස්ථානයට මානව හිමිකම් සම්බන්ධයෙන් ඇත්තේ ඉතා යහපත් ප්‍රතිරූපයක් නොවේ.

බලහත්කාරයෙන් අතුරුදන් කරන ලද පුද්ගලයින් සංඛ්‍යාව 629 දක්වා ඉහළ ගොස් ඇති අතර 195 දෙනෙකු අධිකරණ ක්‍රියාමාර්ගවලින් බැහැරව ඝාතනයට ලක්ව තිබේ.

RECENT ARTICLES - SINHALA

වේයන්ගොඩ නිධානය සොයා කළ කැණීම් අවසන්

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා දින 3ක් සිදුකළ කැණීම් කටයුතු අද පස්වරු 4ට අවසන්...

තවත් ජාතික ලැයිස්තුවේ නමක් ගැසට් කරයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මුහම්මදු සාලි නලීම් නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම...

උසස් පෙළ විභාග මධ්‍යස්ථාන තුළ දුරකතන භාවිතය ගැන දැනුම්දීමක්

අනිද්දා සිට ආරම්භ වන උසස් පෙළ විභාගයේ දී විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතය සදහා අවසර හිමිවන්නේ විභාග ශාලාධිපතිවරුන්ට පමණක් බව විභාග කොමසාරිස් ජනරාල්...

POPULAR ARTICLES