27.9 C
Colombo
Saturday, November 23, 2024

ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය චීන උගුලට හසු වුණු බවට චෝදනාවක්

- Advertisement -

ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC) දූත පිරිසක් චීනයේ උප විදේශ අමාත්‍ය Deng Li සහ අනෙකුත් CCP නිලධාරීන් හමුවීමට චීනයට පැමිණි තිබේ.
“මුස්ලිම් ප්‍රජාවගේ ජීවන තත්ත්වයන් නිරීක්ෂණය කිරීම” සඳහා දූත පිරිස නැගෙනහිර තුර්කිස්ථානයට ද සංචාරය කරනු ඇත.

“කිසිදු ආගමික හෝ සංස්කෘතික මර්දනයකින් තොරව නිදහසේ ජීවත් වන උයිගුර්වරුන් නිරීක්ෂණය කළ හැකි යැයි විශ්වාස කිරීමෙන් ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය චීන ප්‍රචාරක යාන්ත්‍රණයට හසු වේ,” ලෝක උයිගර් කොංග්‍රසයේ සභාපති ඩොල්කුන් ඉසා සංචාරය සම්බන්ධයෙන් නිවේනදයක් නිකුත් කළේය.

“ඉස්ලාම් සහ උයිගුර් සංස්කෘතිය අමුත්තන්ට ප්‍රදර්ශනය කෙරෙන අතර, අපගේ මිලියන සංඛ්‍යාත ජනතාව ඔවුන්ගේ ආගම ඇදහීම තහනම් කර, එය අපරාධයක් ලෙස නම් කොට දඬුවම් කරනු ලැබේ. මෙම සංචාරයත් සමඟ OIC නැගෙනහිර තුර්කිස්ථානයේ උයිගවරුන්ට සහ අනෙකුත් තුර්කි මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුකෙරෙමින් පවතින ජන සංහාරය සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින් ක්‍රියා කරයි. ” ඔහු වැඩිදුරටත් පැවසීය.

2014 සිට, චීන රජය ඉස්ලාම් ආගමේ ආගමික පිළිවෙත අන්තවාදයට හා ත්‍රස්තවාදයට සම්බන්ධ කර ඇත.

පනවන ලද සීමාකාරී නීති මගින් ඉස්ලාම් ආගමේ යම් සංඥාවන් හෝ භාවිතය අපරාධමය වරදක් වේ.

OIC ප්‍රඥප්තියේ “සාමාජික නොවන රාජ්‍යවල මුස්ලිම් ප්‍රජාවන්ගේ සහ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම්, අභිමානය සහ ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවය ආරක්ෂා කිරීම” ඇතුලත් වුවද, චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ආගමික පොත් සහ කුරාන සමූහ වශයෙන් ගිනි තබද්දී OIC සාමාජිකයින් නිශ්ශබ්දව සිටි බවට ලෝක උයිගර් කොංග්‍රසය චෝදනා කරයි.

ලෝක උයිගර් කොංග්‍රසය උයිගර් ජීවිත සම්පූර්ණයෙන් නොසලකා හැරීම හෙළා දකින අතර, ඔවුන්ගේම සදාචාරාත්මක වටිනාකම් සහ ප්‍රතිපත්ති ආරක්ෂා කරන ලෙසත්, චීන රජයේ කුරිරු අපරාධවලට හවුල් නොවන ලෙසත් OIC ගෙන් ඉල්ලා සිටී.

RECENT ARTICLES - SINHALA

සිලින්ඩරේට තවත් ලෙඩක්

පසුගිය මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම...

අස්ගිරි පාර්ශ්වයෙන් රජයට විශේෂ ඉල්ලීමක්

භික්ෂූන් වහන්සේලාගේ අගෝචර චර්යා රටාවන් වළක්වා ගැනීම සඳහා මහානායක ස්වාමීන් වහන්සේලාට බලය ලැබෙන පරිදි සියලු නිකායන්වල වගන්ති සංශෝධනය කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස අස්ගිරි...

තවම භාරදීලා නැති මන්ත්‍රී නිල නිවාසවලට වෙන දේ මෙන්න

මෙතෙක් භාරදී නොමැති පාර්ලිමේන්තු නිල නිවාසවලට පෙර දැනුම්දීමකින් තොරව ජලය සහ විදුලි සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. මේ අතර ඊයේ (22) පවස්වරුව වන විට හිටපු...

POPULAR ARTICLES