28 C
Colombo
Saturday, October 5, 2024

මගේ කීර්තිනාමයට හානි වුනා -සුරේෂ් සලේ

- Advertisement -

සිය කීර්තිනාමයට හා රාජකාරී දිවියට අගතියක් වී ඇති බව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ මහතා කොළඹ දිසා අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් පවසා සිටියා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විමර්ශනය වෙමින් තිබියදී අන්තර්ජාලය ඔස්සේ ඇතැම් පිරිස් ප්‍රකාශ නිකුත් කර ඇති බවට සුරේෂ් සලේ මහතා පවසා තිබෙනවා.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් අන්තර්ජාතික යුක්ති සංසඳය 2021 ඔක්තෝම්බර් 23 දින සූම් තාක්ෂණය ඔස්සේ කළ සාකච්ජාවකදී සිදුකළ ප්‍රකාශයකට එරෙහිව සුරේෂ් සලේ මහතා එම නඩුව පවරා ඇත.

මීගමුව සාන්ත අන්තෝනි දේවස්ථානයේ සිරිල් ගාමිණී පියතුමා සූම් තාක්ෂණය ඔස්සේ පැවති වැඩසටහනක දී එම ප්‍රකාශය කර ඇති බවත්, ජාතික හා අන්තර්ජාතික වශයෙන් එම ප්‍රකාශය ප්‍රසිද්ධවීමත් සමඟ තමන්ට පමණක් නොව තම දරුවන්ට ද අගතියක් සිදු වූ බව සලේ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ නඩුව විභාගකළ අතර විත්තිකාර සිරිල් ගාමිණී පියතුමා ද අධිකරණයේ පෙනී සිටියා.

එමඟින් සිදු වූ හානියට රුපියල් මිලියන 50ක වන්දියක් අයකර දෙන ලෙස පැමිණිලිකරු අධිකරණයෙන් ඉල්ලා තිබෙන අතර අපහාසාත්මක ප්‍රකාශය අන්තර්ගත CD පටයක්ද පැමිණිලිකරු විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව සඳහන්.

මෙහිදි පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ පහන් වීරසිංහ මහතා අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් සලේ මහතා මෙසේ පවසා සිටියා.

“මගේ සේවා කාලය අවුරුදු 36ක්. මෙම ප්‍රකාශ මගේ දරුවන්ට පුද්ගලිකව තර්ජනයක් වුණා. ප්‍රකාශ තුළින් සමාජ මතයක් ගොඩනැගීම නිසා රාජකාරියට දැඩි බලපෑමක් එල්ල කරනවා. මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. පාස්කු සම්බන්ධයෙන් නඩු විභාගයක් පවතින අතරතුර මෙවන් ප්‍රකාශ කිරීම තුළින් සමාජයට වෙනත් අර්ථකථනයක් ඉස්මතු කරනවා. විශේෂයෙන් මගේ නම සඳහන් කරලා මෙවැනි ප්‍රකාශයක් කිරීම අගතිගාමීයි. මගේ පවුලේ හතරදෙනෙක් ඉන්නවා තුන්දෙනෙක්ම යුද හමුදාවේ සේවය කරලා රට වෙනුවෙන් අතපය පවා දන් දීලා තියෙනවා. මගේ දරුවා පාසලෙන් ඉවත් කර ගන්න සිදුවුණා. මෙම ප්‍රකාශය පුද්ගලිකව දැඩි පීඩනයක් එල්ල කළා.”

අදාළ කරුණු තහවුරු කරමින් පෙත්සම්කරු විසින් දිවුරුම් ප්‍රකාශයක් ද අධිකරණයට ඉදිරිපත් කළ අතර විත්තිකාර පියතුමා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා සමඟ නීතිඥ විමල් රත්වත්ත මහත්වරුන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

දෙපාර්ශ්වය කරුණු සලකා බැලූ දිසාවිනිසුරුවරයා නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි 25 වනදාට කල්තැබුවා.

RECENT ARTICLES - SINHALA

පියුමි හංසමාලිගෙන් පැය 9ක් ප්‍රශ්න කරලා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිගෙන් ඊයේ (04) නැවත වතාවක් ප්‍රශ්න කර තිබෙනවා.  ඇය හිමිකාරීත්වය දැරූ BMW මෝටර්...

හිටපු මන්ත්‍රීවරු 30කට වැඩි පිරිසකට පාර්ලිමේන්තු ඡන්දෙ එපා වෙලා

නවවැනි පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් 30කට ආසන්න පිරිසක් මෙවර මහමැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇති බවට පුවතක් ‘Ceylon Today’ වාර්තා කරනවා.  මෙම මන්ත්‍රීවරුන් අතරින්...

වතුර බෝතල්වලටත් පාලන මිලක්?

දැනට වෙළඳ පොලේ රුපියල් 100කට අලෙවි කරන මිලිලීටර 500 යේ ජල බෝතලයක් රුපියල් 70කට ලබා දිය හැකි බව මධ්‍යම පළාත් ස්වභාවික ඛනිජ ජලය නිෂ්පාදකයින්ගේ...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...