26 C
Colombo
Friday, October 25, 2024

Onmax DT ලොක්කගේ කෝටි ගණනක ඉඩම් ගැන දුන් නියෝගය

- Advertisement -

නීති විරෝධී පිරමීඩාකාර ගණුදෙනු සිදු කළ බව කියන ඔන්මැක්ස් ඩී .ටී. පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන සම්පත් සඳරුවන් යන අයට හිමි කෝටි හැටතුනකට අධික වටිනාකමින් යුතු සුවිසල් මහල් නිවාස හා සුපිරි පන්නයේ හෝටල් ඇතුළු දේපළ අන්සතු කිරීම, විකිණීම, පැවරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත ඊයේ (04) මෙම නියෝග නිකුත් කර තිබෙනවා.

මාතර, කළුතර, හම්බන්තොට, කඩවත ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන් වෙත නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා ඉඩම් 20ක ප්‍රමාණයක් මෙලෙස තහනම් කරමින් නියෝග නිකුත් කර ඇති බවට වාර්තා වනවා.

සැකකරුට අයත් ඉඩම් විස්සක් එකම දිනයකදී බිරියට ඉඩම් 8ක් ද, ඔහුගේ මිතුරකුට ඉඩම් 12ක් ලෙස පවරා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබීමෙන් අනතුරුව මෙසේ ඉඩම් පැවරීම තහනම් කරමින් අධිකරණය නියෝග නිකුත් කර තිබෙනවා.

මාතර ප්‍රදේශයේ ඉඩම් හයක් ද, හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් දෙකක්ද, කළුතර ප්‍රදේශයේ ඉඩම් දහයක් ද, කඩවත ප්‍රදේශයේ ඉඩම් දෙකක් ද මෙසේ තහනම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පවසා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කරන ලද ගිණුම්වල රුපියල් කෝටි 79ක මුදලක් තිබෙන බවට බැංකු ගිණුම් වාර්තා අනුව තොරතුරු අනාවරණය වන බවයි.

ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන සම්පත් සඳරුවන් යන අයගේ බැංකු ගිණුම් 16ක කෝටි 55ක් ද, අතුල ඉන්දික යන අයගේ බැංකු ගිණුමේ කෝටි 2ක් ද, ධනංජය ජයනාත්ගේ බැංකු ගිණුමේ කෝටි 11ක් ද, සාරංග ජයනාත්ගේ බැංකු ගිණුමේ කෝටි 18ක් ද, ගයාෂාන් යන අධ්‍යක්ෂවරයාගේ බැංකු ගිණුමේ කෝටි 2ක් ද ඇති බවට බැංකු ගිණුම් අනුව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඇල්පිටිය ඡන්ද විමසීම හෙට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ...

මොනර මස් කෑ තවත් විදේශිකයන් පිරිසක් සොයා විමර්ශන

විදේශිකයෙක් ආදිවාසීන් සිව්දෙනෙකුද සමග එක්ව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී මොනරෙකු මරා ආහාරයට ගන්නා අයුරු රූ ගතකළ වීඩියෝවක් සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ...

නිවෙස් කොල්ලකෑ සැකකරුවෙක් අත්අඩංගුවට

ජා-ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාකවිට ප්‍රදේශයේදී වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු වයස අවුරුදු 28ක් වන ගෝනෑව,...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...