24 C
Colombo
Sunday, January 5, 2025

දිස්ත්‍රික්ක දහයකට කාලගුණෙන් අවවාදාත්මක නිවේදන

- Advertisement -

දිවයිනේ දිස්ත්‍රික් 10කට තද වැසි ඇතිවීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මිලිමීටර 100ක පමණ තද වැසි බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්වලට ඇති විය හැකි බවයි.

නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ මෙලෙස දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්යේ වරකාපොළ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, එම ප්‍රමාණය මිලිමීටර 60.5ක් බව සදහන්.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවෙල සහ කටුනායක යන ප්‍රදේශවලටද මිලිමීටර 50 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

මේ අතර පවතින අධික වැසි හමුවේ, දිස්ත්‍රික්ක 05 කට පැන වූ නාය යෑමේ අනතුරු ඇඟවීම් ඊයේ (06) පස්වරුවේ යළි දීර්ඝ කෙරුණා.

එම දිස්ත්‍රික්ක වන්නේ රත්නපුර, කළුතර, කෑගල්ල, ගාල්ල සහ මහනුවරයි.

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES