30 C
Colombo
Wednesday, January 15, 2025

පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ශානිට දෙන්න-සජිත්

- Advertisement -

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ගැටලුව නිරාකරණය කර ගැනිමට අවශ්‍ය බවත් සත්‍ය දැනගෙන මහමොළකරුවන් හදුනා ගැනීමට මුල් වූ කරුණු කාරණා කුමන්ත්‍රණ ගැන මෙන්ම මේ සඳහා මුල් වු පාපතරයන් හැමෝම අධිකරණයට ගෙන ඇත්ද කියා සත්‍ය දැන ගැනීමට අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා සඳහන් කළේ පාස්කු ප්‍රහාරය නිසා දෙපැත්තට බෙදිලා ගහ ගන්න අවශ්‍ය නැහැ කිව්වට 2019 ජනාධිපතිවරණයේ දී සහ 2020 මහමැතිවරණයේ දී බෙදුනු බවත් එදා පොදුජන පෙරමුණ වරමක් ඉල්ලුවේ මේ ගැන සත්‍ය හොයන්න වුණත් ඒ වරම ලැබිලා වසර කීයක් ගත වුවත් ඒ සම්බන්ධයෙන් නිසි සාධාරණයක් ඉටු නොවූ බවයි.

කතෝලික ප්‍රජාවගේ, කාදිනල් තුමාගේ සහ පියතුමන්ලාගේ විශ්වාසය දිනා ගෙන මේ ගැන සොයා බැලුවනම් අද මේ ගැන කතා කරන්න අවශ්‍ය නැති බවත් මෙවැනි ප්‍රහාරයක් ගැන සොයා බලන්න විදේශිකයන්ගෙන් උපදෙස් අවශ්‍ය නොමැති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

2019ත් 2020දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහජනතාවට ලබා දුන්පොරොන්දුව ඉටු නොකිරීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව ලෙස සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.

මේ වෙලාවේ සත්‍ය දැන ගැනීම අවශ්‍ය වී තිබෙන බැවින් මඩ දේශපාලනයක් අවශ්‍ය නොවන පැවසු විපක්ෂ නායකවරයා ශානි අබේසේකර මහතා සිරගත නොකර පුළුවන් නම් එතුමාට මේ පරීක්ෂණය භාර දෙන ලෙසත් ජනාධිපතිතුමා පවා එතුමා විශ්වාස කරන බවත් පවසා සිටියා.

අද (8) පාර්ලිමේන්තුවේ දී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කරමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා .

RECENT ARTICLES - SINHALA

Breaking: ටිරාන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඇතුළු සිලෝන් නිවුස්පේපර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර...

සිමෙන්ති මිල ගැන තීරණයක්

0
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා...

ජනාධිපති අනුර ෂී ජින් පිං හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවී තිබෙනවා. එම නිල හමුව චීන මහජන ශාලාවේදී මීට කෙටි වේලාවකට පෙර එනම් එරට...

POPULAR ARTICLES