24 C
Colombo
Saturday, January 25, 2025

මුදල් පසුම්බි සොරකම් කරන්න ගැබිනි කතුන් යොදවලා

- Advertisement -

අම්බලන්ගොඩ ප්‍රධාන බස් නැවැතුම්පොළේ සහ මහජනතාව  වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල ගැබිනි කාන්තාවන් යොදවා සංවිධානාත්මකව මුදල් පසුම්බි සොරකම් කිරීමේ ජාවාරමක් සිදුවන බව පොලිසිය පවසනවා.

මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අදාළ පිරිස හඳුන්කූරු අලෙවි කරන මුවාවෙන් මෙම සොරකම සිදු කරන බවයි.

පොලිසිය පවසන්නේ ගැබිනි කාන්තාවක් පසුගිය දිනක අම්බලන්ගොඩ බස් නැවතුම්පොළේදී කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරකම් කරන ආකාරය ආරක්ෂිත කැමරාවක් පරීක්ෂා කිරීමේදී හෙළි වූ බවයි.

සංවිධානාත්මක කණ්ඩායම් විසින් ගැබිනි කාන්තාවන් නගරයට ගෙනැවිත් මෙම ව්‍යාපාරයේ යොදවන බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙවැනි සොරකම් සඳහා ගැබිනි කාන්තාවන් පිරිසක් අම්බලන්ගොඩ නගරයේ යොදවා ඇති බැවින් ඔවුන්ගෙන් ප්‍රවේශම් වන ලෙස අම්බලන්ගොඩ පොලිසිය නගරයට පැමිණෙන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ගල්කිස්ස වෙඩි තැබීමට අදාළ සැකකරු අත්අඩංගුවට‍

ගල්කිස්ස ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුව අද (24) බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, සැකකරුට ඝාතනය සඳහා රුපියල්...

අල්ලසක් ගත් පොලිස් නිලධාරියෙක් මාට්ටු

රුපියල් 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගිරිබාව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලස පැමිණිල්ලකට අදාළව අදාළ පොලිස්...

තරග පාවාදීමේ සිද්ධියකට සම්බන්ධ ඉන්දියන් ජාතිකයෙක් රටින් පලා ගිහින්

පසුගිය වසරේ මහනුවර පල්ලේකැලේ පැවැති ලෙජනඩ් ට්‍රොෆි ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට යෝජනා කළ බව කියන කණ්ඩායමක හිමිකරුවෙකු රටින් පළා ගොස් ඇතැයි කරුණු අනාවරණය වී...

POPULAR ARTICLES