28.7 C
Colombo
Tuesday, April 15, 2025

තියුණු කැපුම් තුවාල සහිත පිරිමි මළ සිරුරක් සොයාගැනේ

- Advertisement -

නුවරඑළිය මීපිළිමාන ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ පිරිමි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර තිබෙනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මීපිලිමාන පිහිටි නිවසක සේවය කළ කොටහේන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි සුන්දරලිංගම් නැමති පුද්ගලයෙක්.

පොලීසිය පවසන්නේ නාඳුනන කණ්ඩායමක් විසින් අද (09) පෙරවරු 05.30 ත් 06ත්  අතර කාලය තුළ සැලසුම් සහගත ලෙස මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

පහරදීම සිදුවන විට නිවස තුළ මියගිය පුද්ගලයාට අමතරව නිවසේ හිමිකාරිනියද රැඳී සිට තිබෙනවා.

පහරදීමෙන් අනතුරුව ඇයද තුවාල ලබා නිවසේ ජනේලයකින් පැන ගොස් අසල්වැසියන්ගේ සහයෝගය ඇතිව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වී ඇති අතර ඇය මේ වන විට නුවරඑළිය  දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙනවා.

පොලීසිය සැක කරන්නේ කාලයක් තිස්සේ පැවති ඉඩම් ආරවුලක් පදනම් කරගෙන මෙම පහරදීම හා මිනීමැරුම  සිදුකර ඇති බවයි.

පහර දුන් පුද්ගලයන් සොයා ගැනීමට අපහසු වන අන්දමින් නිවස වටා භූමිතෙල් සහ මිරිස් කුඩු හලා ගොස් ඇති අතර අදාළ පිරිස විසින් නිවසේ ඉදිරිපස ජනෙල් දොරවල්වලට පහර දී ඒවා ද විනාශ කර නිවස තුළ තිබූ ඇඳක්ද ගිනි තබා තිබෙනවා.

නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය සිදු කළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම සැකකාර කණ්ඩායම ඝාතනයෙන් පසුව එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවයි.

දීර්ඝ කාලයක් පුරාවට අදාළ ඉඩමේ මුල් අයිතිකරුගෙන් නීති විරෝධී වශයෙන් එහි සේවය කළ රියදුරෙකු විසින් ඉඩමේ අයිතිය ලබා ගැනීම සම්බන්ධව ඇතිවුණු ගැටලුකාරි තත්ත්වයන් කිහිපයක් පිළිබඳව පැමිණිලි කිහිපයක්ම නුවරඑළිය පොලිසිය වෙත ලැබී ඇති බව පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

ගම්පහ වෙඩි තැබීමක්

ගම්පහ ප්‍රදේශයේදී අද (15) රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා. එම ප්‍රදේශයේ බස් නැවතුම්පොල අසලදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු...

පිල්ලෙයාන් මුණගැසීම ගැන මාධ්‍ය හමුවක් – ගම්මන්පිළ

මේ වන විට දින 90ක රැඳවුම් නියෝගයක් යටතේ  ප්‍රශ්න කෙරෙමින් සිටින ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග තමා හමුවීම පිළිබඳ පැහැදිලි කිරීමට හෙට (16) විශේෂ මාධ්‍ය...

පුංචි ඡන්දය ගැන ප්‍රකාශයක්

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු මේ වන විට බොහෝ දුරට සාමකාමීව සිදුවන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ,...

POPULAR ARTICLES

ගම්පහ වෙඩි තැබීමක්

ගම්පහ ප්‍රදේශයේදී අද (15) රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා. එම ප්‍රදේශයේ බස් නැවතුම්පොල අසලදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු...

ට්‍රම්ප්ගෙන් හාවඩ් විශ්වවිද්‍යාලයට තර්ජනයක්

ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබෙනවා. එම ප්‍රකාශය කර ඇත්තේ විශ්වවිද්‍යාලයට ලබා...

පිල්ලෙයාන් මුණගැසීම ගැන මාධ්‍ය හමුවක් – ගම්මන්පිළ

මේ වන විට දින 90ක රැඳවුම් නියෝගයක් යටතේ  ප්‍රශ්න කෙරෙමින් සිටින ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග තමා හමුවීම පිළිබඳ පැහැදිලි කිරීමට හෙට (16) විශේෂ මාධ්‍ය...