27 C
Colombo
Wednesday, January 15, 2025

ශ්‍රී ලංකාවට තියුණු ජයක්

- Advertisement -

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ දෙවන තරගය මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය බංග්ලාදේශ කණ්ඩායම සමඟ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී අද (09) පැවැත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක Shakib Al Hasan විසින් පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පළමුව පන්දුවට පහරදීමට පිටියට පැමිණියේ ආරම්භක පිතිකරුවන් වන පැතුම් නිස්සංක හා දිමුත් කරුණාරත්නයි.

පන්දු ඕවර50 දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 257ක් ලබා ගත්තා.

මෙහිදි සධීර සමරවික්‍රම ලකුණු 93ක් රැස්කළා.

කුසල් මෙන්ඩිස් ලකුණු 50 සහ පැතුම් නිස්සංක ලකුණු 40 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී Shoriful Islam කඩුලු 02, Taskin Ahmed කඩුලු 02, Hasan Mahmud කඩුලු 03 බැගින් ලබා ගත්තා.

මේ අනුව බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 258 ක ඉලක්කයක් හිමිවුණා.

ලකුණු 28 ක් ලබා සිටි Mehidy Hasan Miraz 11 වන පන්දු ඕවරයේ පළමු පන්දුවේදීම දවා ගන්නට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වු අතර Mehidy Hasan Miraz ලකුණු 28, Mohammed Naim ලකුණු 21, Mushfiqur Rahim ලකුණු 29, Towhid Hridoy ලකුණු 82ක් බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් ලබා ගත්තා.

බංග්ලදේශ කණ්ඩායම පන්දුවාර 48යි එක් පන්දු තුළ සියලුදෙනා දැවී රැස්කර ගැනීමට සමත් වූනේ ලකුණු 236ක් පමණි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක හා මහීෂ් තීක්ෂණ කඩුලු 3 බැඟින්, මතීෂ පතිරණ කඩුලු 3 ක් සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

අද තරගය ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට අඛණ්ඩව වැඩිම එක්දින තරග ගණනක් ජයග්‍රහණය කළ ලොව දෙවැනි කණ්ඩායම බවට පත්වෙමින් ක්‍රිකට් ලෝක වාර්තාවක්ද පිහිට විමේ හැකියාවද හිමිවුණා.

RECENT ARTICLES - SINHALA

විහාර දේවාලගම් පනතේ සංශෝධන සම්මත කර ගැනීමට පියවර

විහාර දේවාලගම් පනතේ සංශෝධන කඩිනමින් සම්මත කර ගැනීමට පියවර ගන්නා බව බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් ඒ.එච්.පී.එම්.බී අතපත්තු මහතා...

චීනය එක්ක ලංකාව අවබෝධතා ගිවිසුම් 15ක් අත්සන් කරලා

ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තබා තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර ආර්ථික,...

ත්‍රීරෝද රථ ගැන ගත් තීරණය

නීතියට අනුකූලව ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2021 වර්ෂයේ නිකුත් කරන ලද අංක 22/40/37 දරන ගැසට්...

POPULAR ARTICLES