මේ වනවිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ලෙස ක්‍රියා කරන මන්ත්‍රී නිමල් ලන්සා කණ්ඩායමේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා ලිබරල් පක්ෂය හෙවත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාද පක්ෂය සමඟ සම්බන්ධවී ඇති බවට වාර්තා වනවා.
ලිබරල් පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ දිගුකාලීන සාමාජිකයකු වූ ආචාර්ය චානක අමරතුංග මහතා විසින් මෙයට දශක හතරකට (1981) පමණ පෙර පිහිටුවන ලද අතර 1982 ජනමත විචාරණයේ දී ලිබරල් පක්ෂය එජාපයෙන් වෙන්වුණා.
වසර 1996 දී අමරතුංග මහතා ජීවිතක්ෂයට පත්වීමෙන් පසුව ලිබරල් පක්ෂයේ කැපී පෙනුන දේශපාලන නායකයා ලෙස පසුගිය කාලයේ කටයුතු කළේ මහාචාර්ය රජීව විජේසිංහ මහතායි.
2022 වසරේ ජූලි මාසයේ පවත්වන ලද පළමු සම්මේලනයෙන් පසු ලිබරල් පක්ෂය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලෙස නම වෙනස් කර තිබෙනවා
කමල් නිශ්ශංක පක්ෂයේ වත්මන් නායකයා වන අතර අමල් රන්දෙණිය වත්මන් මහලේකම් වනවා.
ලන්සා කණ්ඩායම ලිබරල් පක්ෂය සමඟ සම්බන්ධවීමෙන් පසු ඉදිරියේදී ඊට නව නිලධාරී මණ්ඩලයක් පත්කොට මැතිවරණ කොමසාරිස් කාර්යාලයට භාරදීමට නියමිත බවට වාර්තා වනවා.
අනතුරුව ලන්සා කණ්ඩායමේ ඉදිරි දේශපාලන කටයුතු ලිබරල් පක්ෂය නමින් පවත්වාගෙන යනු ඇති.
මේ අතර, ලංසාගේ නව සන්ධානයේ මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යාමේ නායකත්වය සඳහා පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කරනු ලැබුවා.
එහි සෙුස ක්‍රියාකාරීන් ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, අමාත්‍ය නලින් ප්‍රනාන්දු හා පියංකර ජයරත්න යන අය කටයුතු කරන බව පැවසෙනවා.
මේ අතර මෙම කණ්ඩායම සිය පළමු දේශපාලන රැලිය 2024 ජනවාරියේදී හැකිතාක් දැවැන්ත ලෙස සිදුකිරීමට සැලසුම් කරමින් සිටින බවට ආරංචි මාර්ග පවසනවා.