28.7 C
Colombo
Tuesday, April 15, 2025

IMF සමඟ දෙවන සාකච්ඡා වටය ළඟදීම

- Advertisement -

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන ණය වැඩසටහනේ දෙවැනි සාකච්ඡා වටය ලබන 14 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවයි.

නිලධාරී මටට්මෙන් මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ඇතුළු අදාළ පාර්ශව මෙම සාකච්ඡා සඳහා සහභාගී වනු ඇති බවද වාර්තා වෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, අවසාන සාකච්ඡාව සහ ආරම්භක සාකච්ඡාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සමග සිදු කිරීමට නියමිත බවයි.

ණය වැඩසටහනේ දෙවන වාරිකය ලෙස තවත් ඩොලර් මිලියන 330 කට ආසන්න ප්‍රමාණයක් ලැබීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර, දැනට මෙරට  පවතින විදෙස් සංචිත ප්‍රමාණය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතාවන්ට සහ රජයේ ඉලක්කවලට ළඟා වී ඇති බව රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා පෙන්වා දෙනවා .

ඔහු ප්‍රකාශ කළේ, මේ වන විට ද්විපාර්ශ්වික ණය හැර සෙසු ගෙවීම් සිදුකරන බැවින් සංචිතවල වෙනස් වීම් සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් බවයි.

ඒ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා,

“අපි සංචිත ඍණ වෙලා හිටියා. ඇත්තෙම නෑ. දැන් අපි ළඟ ඩොලර් බිලියන 3.6ක සංචිත ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන්ම මේක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග අපි ඇති කරගත් එකඟතා ප්‍රමාණයත්, ඒ ඉලක්කවලටත් ළඟාවෙලා තියෙනවා. ඒ අතරේ අපිට සංචිත පාවිච්චි කරන්න වෙනවා. සමහර වෙලාවට රුපියලේ අගය වැඩිකර ගැනීම වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දැන් ණය ගෙවන්නේ නෑ කිව්වට එහෙම වෙන්නේ විදේශීය ද්විපාර්ශවික ණය පමණයි. අනිත් ඒවා ගෙවනවා. ඒ අවස්ථාවල විවිධාකාරයෙන් අපේ සංචිත කළමනාකරණය කරගන්න අපිට සිදුවෙනවා. ඒ ගැන කලබල විය යුතු නෑ. අපි බැලිය යුත්තේ අපි හිටපු තැන සහ අද ඉන්න තැන. ඒ ගැන තමා අපි කල්පනා කළ යුත්තේ.”

RECENT ARTICLES - SINHALA

ගම්පහ වෙඩි තැබීමක්

ගම්පහ ප්‍රදේශයේදී අද (15) රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා. එම ප්‍රදේශයේ බස් නැවතුම්පොල අසලදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු...

පිල්ලෙයාන් මුණගැසීම ගැන මාධ්‍ය හමුවක් – ගම්මන්පිළ

මේ වන විට දින 90ක රැඳවුම් නියෝගයක් යටතේ  ප්‍රශ්න කෙරෙමින් සිටින ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග තමා හමුවීම පිළිබඳ පැහැදිලි කිරීමට හෙට (16) විශේෂ මාධ්‍ය...

පුංචි ඡන්දය ගැන ප්‍රකාශයක්

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු මේ වන විට බොහෝ දුරට සාමකාමීව සිදුවන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ,...

POPULAR ARTICLES

ගම්පහ වෙඩි තැබීමක්

ගම්පහ ප්‍රදේශයේදී අද (15) රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා. එම ප්‍රදේශයේ බස් නැවතුම්පොල අසලදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු...

ට්‍රම්ප්ගෙන් හාවඩ් විශ්වවිද්‍යාලයට තර්ජනයක්

ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබෙනවා. එම ප්‍රකාශය කර ඇත්තේ විශ්වවිද්‍යාලයට ලබා...

පිල්ලෙයාන් මුණගැසීම ගැන මාධ්‍ය හමුවක් – ගම්මන්පිළ

මේ වන විට දින 90ක රැඳවුම් නියෝගයක් යටතේ  ප්‍රශ්න කෙරෙමින් සිටින ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග තමා හමුවීම පිළිබඳ පැහැදිලි කිරීමට හෙට (16) විශේෂ මාධ්‍ය...