31 C
Colombo
Monday, April 28, 2025

ලංකාවේ මරණ ගැන පොලීසියෙන් හෙළිදරව්වක්

- Advertisement -

මෙරට තුළ සිදුවන මරණ අතුරින් හතරෙන් එකක් සිදුවන්නේ මාර්ගයේ සිදුවන වැරදි හේතුවෙන් බව රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර කොට්ඨාසයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මාර්ගයේ සිදුවන අනතුරුවලින් වැඩිම සංඛ්‍යාවක් යතුරුපැදි අනතුරු හේතුවෙන් සිදුවන බවයි.

“ශ්‍රී ලංකාවේ වර්ෂයකට 12,000ක් පමණ මියයනවා. මෙයින් හතරෙන් එකක් එනම් 3,000ක් පමණ මියයන්නේ, මාර්ගයේ සිදුවන වැරදි නිසා. ඒක ගණන් බැලුවොත් දිනකට 7 දෙනෙක් 8 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වෙනවා. දැනට ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන මුලස්ථානයේ සංඛ්‍යා ලේඛන දත්ත අනුව මේ 2023 වර්ෂයේ දී ජනවාරි 1 වනදා සිට අගෝස්තු 31 දක්වා මාරක රිය අනතුරු 1,427කින් පුද්ගලයින් 1,500ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ මාර්ග රිය අනතුරුවලින් තුනෙන් එකක පමණ ප්‍රමාණයක් විශේෂයෙන්ම මියයන්නේ යතුරුපැදි අනතුරුවලින්. යතුරුපැදිවල පැදිකරුවන් සහ පසුපැදිකරුවන්. එතකොට 2023 වර්ෂයේ දී ජනවාරි සිට අගෝස්තු 31 වනතුරු රිය අනතුරු 612කින් යතුරුපැදිකරුවන් 630ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අපට අනතුරු අවම කරගැනීමට පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානය බලාපොරොත්තු වෙනවා 2030 වන විට 50%ක අඩු කරන්න. 50% කෙසේවෙතත් දිනකට 7ක් මියයන එක 4කට අඩුකර ගත්තොත් අපිට ලොකු ජයග්‍රහණයක්.”

මේ අතර හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරනු ලබන රියදුරන් සම්බන්ධයෙන් සිදුකළ වැටලීම්වලදී රියදුරන් 94 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද ඉන්දික හපුගොඩ මහතා තවදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

චීන පෝර ගනුදෙනුව: කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලොක්කෙක් රිමාන්ඩ්

අත්අඩංගුවට ගනු ලැබූ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු වූ මහේෂ් ගම්මන්පිල මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. 2021 වසරේදී...

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ඉදිරි පැය කිහිපය සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු මැද, උතුර සහ...

තරුණයෙකු ඝාතනය කළ පිරිසකට මරණ දඬුවම

2012 වසරේ කොළඹ, මට්ටක්කුලිය ප්‍රදේශයේ කෝවිලක් අසලදී තරුණයෙකුට පොලුවලින් පහරදී මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර...

POPULAR ARTICLES