29 C
Colombo
Saturday, April 12, 2025

නිමි තේ සඳහා නව බද්දක්

- Advertisement -

උඩරට සහ පහතරට තේ කර්මාන්ත ශාලාවල දිනපතා නිෂ්පාදනය කරනු ලබන නිමි තේ කොළ කිලෝවක් සදහා දැනට අය කරන බදුවලට අමතරව තවත් විශාල බදු මුදලක් අය කිරිමට රජය කටයුතු කරමින් සිටින බව උඩරට සහ පහතරට තේ නිෂ්පාදකයන් පවසනවා.

තේ වතු සමාගම්වල උසස් නිලධාරීන් පවසන්නේ තේ වතු සමාගම්වලින් සහ කුඩා තේ වතු හිමියන්ගෙන් දැනට බදු මුදල් වශයෙන් අය කරනු ලබන්නේ වාර්ෂික ශුද්ධ ලාභයෙන් 30% මුදලක් වන අතර නව බද්ද  මඟින් දිනපතා නිෂ්පාදනය කරනු ලබන  නිමි තේ කොළ කිලෝවක් සඳහා මුදල් අය කර ගැනීමට යෝජනා වී ඇති බවයි.  

විදුලි බිල ඉහළ යාම , සේවක වැටුප් ඉහළ යාම , තේ නිෂ්පාදනය සදහා දරන පිරිවැය ඉහළ යාම ආදී හේතු හමුවේ තේ කර්මාන්තය වර්තාමනයේ පවත්වාගෙන යනු ලබන්නේ දැඩි අභියෝග හමුවේ බව ඔවුන් තවදුරටත් පෙන්වා දෙනවා.

නිමි තේ කොළ කිලෝවක් සඳහා නව බද්දක් අය කිරීමට රජය කටයුතු කළහොත් උඩරට සහ පහතරට තේ වගාකරුවන්ට , නිෂ්පාදකයන්ට සහ කුඩා තේ වතු හිමියන්ට එම කර්මාන්තයෙන් ඉවත් වීමට පවා සිදු වන බව තේ වතු සමාගම්වල උසස් නිලධාරීන් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

හාලිඇල ප්‍රදේශයේ තිබී අභිරහස් මළසිරුරු දෙකක් සොයා ගැනේ

හාලිඇල නගරයේදී අභිරහස් ලෙස මියගොස් සිටි නාදුනන තරුණයන් දෙදෙනකු ගේ මළසිරුරු දෙකක් අද (12) සොයා ගත් බව හාලිඇල පොලිසිය පවසනවා. හාලිඇල නගරයේ ත්‍රීරෝද රථ ගාල...

මැරීන් ඩ්‍රයිව් ළඟ Night Market එකක්

කොළඹ නගරය තුළ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් මැයි මාසයේ අවසානයේ සිට Marine Drive ආශ්‍රිතව රාත්‍රී වෙළඳපොළක් විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. පසුගියදා පැවති ප්‍රවෘත්ති...

මිලියන ගණනක හවුල් ගිණුමක් සම්බන්ධයෙන් යෝෂිතට හා ඩේසිට යළිත් අධි චෝදනා

යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ මිත්තනියක වන ඩේසි ෆොරස්ට් මහත්මියට නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ යළිත් අධි චෝදනා ගොනුකර ඇති බව වාර්තා වෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කළ...

POPULAR ARTICLES