28 C
Colombo
Sunday, September 8, 2024

කැනඩාව හා ඉන්දියාව අතර හොඳ හිත පළුදු වෙලා

- Advertisement -

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ඉන්දියාවේ සිදු කළ සංචාරයේදී ඔහුගේ ගුවන් යානය සම්බන්ධයෙන් හට ගත් යම් දෝෂයක් හේතුවෙන් ඔහුගේ සංචාරය සැලසුම් කළ කාලයට වඩා දින දෙකකින් දීර්ඝ වී තිබෙනවා.

G20 සමුළුව අවසානවීමත් සමඟ පසු ඔහු කැනඩාව බලා පිටත්ව යාමට නියමිතව තිබූ නමුත් ගුවන් යානයේ හට ගත් කාර්මික දෝෂයක් හේතුවෙන් ඔහුට ඉන්දියාවේ තව දිනක් රැඳී සිටීමට සිදුව තිබුණා.

කෙසේ වෙතත් කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මේ වන විට ඉන්දියාවෙන් පිටව ගොස් තිබෙනවා.

මෙම ප්‍රමාදය සම්බන්ධයෙන් කැනඩාවේ ඔහුගේ විරුද්ධවාදීන් මෙන්ම ඉන්දියාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් ඔහුව හාස්‍යයට ලක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.  

බීබීසි ලෝක සේවය වාර්තා කරන්නේ මෙම සිදුවීමට පෙර කැනේඩියානු අග්‍රාමාත්‍ය ටෲඩෝ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී ඇති අතර එය එතරම් මිත්‍රශීලී හමුවක් නොවුණු බවයි .

මේ අතර  කැනඩාව සහ ඉන්දියාව අතර සබඳතා පසුගිය කාලයේ අයහපත් අතට හැරෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙවන් පසුබිමක ජස්ටින් ටෘඩෝගේ ඉන්දියානු සංචාරය කැනඩාව හා ඉන්දියාව අතර සබඳතා ශක්තිමත් කිරීම වෙනුවට එය වඩා අයහපත් තත්වයකට පරිවර්තනය වීමට හේතු වී ඇති බවයි වාර්තා වෙන්නේ.  

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට පැමිණීමට පෙර කැනඩාව සහ ඉන්දියාව අතර පවතින වෙළඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා නතර කරන බවද නිවේදනය කර තිබෙනවා.

කෙසේවෙතත් කැනඩාව සහ ඉන්දියාව අතර හට ගෙන ඇති මෙම  ආතතියට කැනඩාවේ මේ වන විට මතුව ඇති සික් ජාතිකයින්ගේ විරෝධතා හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා .

RECENT ARTICLES - SINHALA

රට භාරදෙන්න සුදුසුම පුද්ගලයා සජිත් – මිහින්තලේ හිමි

ජාතික ජන බලවේග වේදිකාවේ භික්ෂූන් සිටින්නේ නම් ඒ අය භික්ෂූන් වහන්සේලා වන බවත් අනෙකුත් දේශපාලන වේදිකාවල භික්ෂූන් සිටින විට ඔවුන් චීවරධාරීන් දුසිල්වන්තයන් ලෙස හංවඩු...

බිරිද ඝාතනය කළ සැමියා දිවි නසාගනී

සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර ඔහුද ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබෙනවා. ඊයේ (07) එම සිදුවීම වාර්තා වී තිබුණේ මිහින්තලය පොලිස් වසමේ කුංචිකුලම...

වනඅලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

කල්මුණ සහ කැබිතිගොල්ලෑව පොලිස් වසම්වල දී සිදු වූ වනඅලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඉන් එක් අයෙක් සිදුවූ වනඅලි පහරදීමකින් මියගොස් ඇත්තේ, කල්මුණ බස් නැවතුම්පොළ...

POPULAR ARTICLES

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...

අනුර ගැන රනිල්ගෙන් අනාවැකියක්

අනුර දිසානායකව පරාජය කිරීමේ හැකියාවක් සජිත් ප්‍රේමදාසට නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ඇතැම් අවස්ථාවල සජිත් ප්‍රේමදාස විසින් සිදුකරන ඇතැම් ක්‍රියා අනුර දිසානායකට...

ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යට දැමූ දේශපාලනඥයෙකුට වැඩ වරදී

අන් අයකු සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගෙන එය සිය සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට එරෙහිව වව්නියාව සහකාර මැතිවරණ...