30 C
Colombo
Sunday, September 8, 2024

ලංකාවේ නම බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවට

- Advertisement -

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වසර 19 ක කාලයක් ලන්ඩනයේ මාර්ග තදබදය අවම කිරීම සඳහා හඳුන්වා දී ඇති මාර්ග භාවිත කර ඇතත් එම කාලය සඳහා ගෙවිය යුතු ස්ටර්ලිං පවුම් 652120 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 261 ක් පමණ) ක මුදල ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මෙතෙක් ගෙවා නොමැති බවට වාර්තා වෙනවා.

එරට අමාත්‍ය ඩේවිඩ් රට්ලි මහතා එම ගෙවීම් සම්බන්ධව එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලැයිස්තුවේ දැක්වෙන බව සඳහන්.

එම මාර්ග ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඇතුළුව විදෙස් තානාපති, මහ කොමසාරිස් කාර්යාල සහ ජාත්‍යන්තර සංවිධාන විශාල සංඛ්‍යාවක් භාවිතයට ගත්තත් ඒ සඳහා ගෙවිය යුතු ස්ටර්ලිං පවුම් 15 ක දෛනික ගාස්තුව මෙතෙක් ගෙවා නොමැති බව රට්ලි මහතා පෙන්වා දී තිබෙනවා.

2003 වසරේ පෙබරවාරි මාසයේදී ලන්ඩනයේ මාර්ග තදබදය අවම කිරීම සඳහා මෙම ගෙවීම් ක්‍රමය හඳුන්වා දෙන ලද අතර පසුගිය වසරේ දෙසැම්බර් මස 31වනදා වන විට තානාපති සහ මහ කොමසාරිස් කාර්යාල ගෙවිය යුතු සම්පූර්ණ මුදල ස්ටර්ලිං පවුම් මිලියන 145 ඉක්මවන බව රුට්ලි මහතා ප්‍රකාශ කර තිබෙන බවට වාර්තා වෙනවා.

මෙම ලැයිස්තුවේ ඉදිරියෙන්ම ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සිටින අතර එම කාර්යාලය ගෙවිය යුතු මුළු මුදල ස්ටර්ලිං පවුම් 14643495 ක්.

විදෙස් තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල සහ ජාත්‍යන්තර සංවිධාන එම ගාස්තුව ගෙවිය යුතු නැතැයි පැවසීමට නීතිමය රාමුවක් නොමැති බවත් සියලුම රාජ්‍ය තාන්ත්‍රිකයන් එක්සත් රාජධානි නීතියට ගරු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් රට්ලි මහතා ප්‍රකාශ කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

මහ බැංකුවෙන් සුබ ආරංචියක්

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබෙනවා. සාර්ව...

කවුරුත් එන්නැති ජනාධිපති විවාද

මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කරන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ දෙවැනි අදියර අද (08) පැවැත්වෙනවා. ඒ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි. පළමු දිනය වූ ඊයේ (07)...

රළු මුහුද ගැන අවවාදාත්මක නිවේදනයක් 

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව...

POPULAR ARTICLES

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...

අනුර ගැන රනිල්ගෙන් අනාවැකියක්

අනුර දිසානායකව පරාජය කිරීමේ හැකියාවක් සජිත් ප්‍රේමදාසට නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ඇතැම් අවස්ථාවල සජිත් ප්‍රේමදාස විසින් සිදුකරන ඇතැම් ක්‍රියා අනුර දිසානායකට...

ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යට දැමූ දේශපාලනඥයෙකුට වැඩ වරදී

අන් අයකු සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගෙන එය සිය සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට එරෙහිව වව්නියාව සහකාර මැතිවරණ...