ආසියානු කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති අවසන් තරඟයේදී විකාශය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්රචාරක වෙළෙඳ දැන්වීමක් මේ වන විට දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
ඊයේ පැවති තරඟය අතර තුර අවස්ථාවන් කිහිපයකදීම එම දැන්වීම කිහිපවරක් විකාශය වූවා.
අදාළ වෙළෙඳ දැන්වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩිව විවේචනයට ලක්ව ඇති අතර බොහෝදෙනෙක් පවසා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙම දැන්වීම නිසා “රටට සිදුවූ ශාපයම ක්‍රිකට් තරඟයටද සිදුවූ බවයි.