29 C
Colombo
Friday, October 18, 2024

ඉන්දීය රාමේෂ්වරම් ධීවරයන් වර්ජනයක

- Advertisement -

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇති ඉන්දියාවේ රාමේෂ්වරම් හි ධීවරයන් 8 දෙනා නිදහස් කරන ලෙස ඉල්ලා රාමේශ්වරම් ධීවරයන් ඊයේ(16) වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ රාමේශ්වරම් ධීවරයන් නැවත  ශ්‍රී ලංකා හමුදාව  අත්අඩංගුවට ගනු ලැබීම හෙළා දකිමින් මෙම වර්ජනය සිදුකර ඇති බවයි.

ශ්‍රී ලංකා බලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති ධීවරයන් සහ බෝට්ටු නිදහස් කර ගැනීම සඳහා ඉන්දීය මධ්‍යම රජය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මාර්ගයක් ගත යුතු යැයි විරෝධතාවයේ නියැලුණු රාමේශ්වරම් ධීවරයන් පෙන්වා දෙනවා.

මේ අතර  මේ වසරේ මේ දක්වා ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 17 ක් සහ ධීවරයන් 110 දෙනෙකු ශ්‍රී ලංකා බලධාරීන් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ අත්අඩංගුවට ගනු ලබන ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකාව විසින් කොන්දේසි සහිත ඇප මත නිදහස් කරනු ලැබූවත් අදාළ  ධීවර යාත්‍රා අයිතිකරුවන්ට බාර නොදෙන බවයි.

මේ අතර, කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දීය මුහුදු සීමාවට ගසාගෙන ගොස්  ආපදාවට පත් මෙරට ධීවරයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවට උතුරු දෙසින් වු ඉන්දීය මුහුදු සීමාවට ගසාගෙන ගොස් සිටි එම ධීවරයින් විදෙස් නෞකාවක් මඟින් බේරාගැනීමෙන් අනතුරුව නාවික හමුදාව වෙත භාරදී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව ඔවුන් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුඳවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් වේග ප්‍රහාරක මුර යාත්‍රාව මඟින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.

නාවික හමුදාව පැවසුවේ එම ධීවරයින් මේ වන විට ප්‍රතිකාර සඳහා හම්බන්තො‍‍ට මූලික රෝහල වෙත යොමු  කිරීමට පියවර ගත් බවයි.

නාවික හමුදාව සඳහන් කළේ පසුගිය සැප්තැම්බර් මස 02 වන දින  ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති එම යාත්‍රාව ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට ලක්ව ඉන්දීය මුහුදු සීමාවට ගසාගෙන ගොස් තිබු බවයි.

සමුද්‍රීය සෙවීම් හා මුඳවා ගැනීම් කලාපයන් තුළද ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා නිරන්තර සුදානමෙන් පසුවන බව නාවික හමුදාව තවදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම ගැන ලංවිමෙන් පැහැදිලි කිරීමක්

ලංකා විදුලිබල මණ්ඩලය තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, මෑත කාලීන පුවත් ලිපි කිහිපයක 'ඉන්ධන' යන වචනය...

පාස්කු විමර්ශන මැදට පනින්න එපා, ගම්මන්පිලට පිළිතුරක්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ කොටගෙන දේශපාලනයේ නියැලීමෙන් වළකින ලෙස කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාගෙන් ඉල්ලා තිබෙනවා. ‘The...

ආහාර විෂ වීමකින් පාසල් සිසුන් 21ක් රෝහලේ

ආහාර විෂ වීමක් හේතුවෙන් පාසල් ළමුන් 21 දෙනෙක් වලපනේ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙසේ රෝහල්ගත කර ඇත්තේ, වලපනේ බටගොල්ල පුස්සදේව ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් 21 දෙනෙක්...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...