මධ්‍යම ඉතාලියේ භූ කම්පනයක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 4.8ක් ලෙස සටහන්ව ඇති බවද වාර්තා වෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය මධ්‍යම ඉතාලියේ Florence නගරයට උතුරින් සිදුව ඇති බවයි.
භූ කම්පනයත් සමඟ එම ප්‍රදේශයේ පාසල් වසා දමා ඇති අතර දුම්රිය ගමනාගමන කටයුතුද අත්හිටුවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ සිද්ධියෙන් කිසිදු දේපළ හෝ ජීවිත හානියක් සිදුව ඇති බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි.