තලාතුඔය පොලීසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කිසියම් පිරිසක් පහරදී තිබෙනවා.
තලාතුඔය පොලිසිය පවසන්නේ ගුරුදෙණිය මාර්ගයේදී ඊයේ (17) රාත්‍රී 11ට පමණ මෙම පහරදීම සිදුව ඇති බවයි.
පහරකෑමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනා බරපතළ තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලීසිය පවසන්නේ රාජකාරි නිමකර අදාළ ස්ථානයට ගොස් තිබු පොලිස් සැරයන්වරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙක් මෙම සිදුවීමට මුහුණ දී ඇති බවයි.
පහරදීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර තලාතුඔය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.