රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබු ශ්‍රී ලාංකිකයන් 4 දෙනා මදුරාසි මහාධිකරණය විසින් නිදහස් කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් නැවතත් ශ්‍රී ලංකාවට එවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉන්දීය රජය මදුරාසි මහාධිකරණයට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය නොවැම්බර් මාසයේදී රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වී සිටි පුද්ගලයන් 6 දෙනෙකු නිදහස් කළ අතර ඉන් 4 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් බව සඳහන්.
චෙන්නායි හි විදේශිකයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලය ප්‍රකාශ කර තිබෙන්නේ ශාන්තන්, ශ්‍රීහරන්, ජයකුමාර් සහ රොබර්ට් පායස් යන මෙම ශ්‍රී ලාංකිකයන් හතර දෙනා ගමන් බලපත්‍ර හෝ අදාළ ලියකියවිලි නොමැතිව නීති විරෝධිව බෝට්ටුවෙන් ඉන්දියාවට පැමිණ තිබෙන බවයි.
මොවුන් නැවත ශ්‍රී ලංකාවට එවීම සඳහා අවශ්‍ය පියවර සම්පූර්ණ වන තෙක් ට්‍රිචි හි විදේශිකයන් රඳවා තැබීමේ කඳවුරේ රඳවා තබන බව ද එම කාර්යාලය පවසනවා.