25 C
Colombo
Friday, October 25, 2024

‘X’ ගිණුම් හිමියන්ගෙන් මුදල් අය කර ගැනීමේ තීරණයක්

- Advertisement -

“X” සමාජ මාධ්‍ය  ගිණුම් හිමියන්ගෙන් මාසිකව මුදලක් අය කර ගැනීමට  අපේක්ෂා කරන බව ඊලොන් මස්ක් පවසනවා.

ඊශ්‍රායෙල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ටෙස්ලා සහ  SpaceX හි ප්‍රධානියා වන මස්ක් පවසන්නේ මෙම සමාජ මාධ්‍ය ජාලය භාවිත කරන්නන්ට මාසිකව යම් මුදලක් ගෙවීමට සිදුවුවහොත් ව්‍යාජ ගිණුම් පවත්වා ගෙන යන්නන් ඉන් ක්‍රමානුකූලව ඉවත්විය හැකි බවයි.

මේ වන විට X ගිණුම් හිමියන්ගෙන් කිසිදු මුදලක් අයනොකෙරෙන නමුත් එහි පරිශීලකයින්ට මුදල් ගෙවා X Premium හා සම්බන්ධ විය හැකි පහසුකම සලසා දී තිබෙනවා.

X සමාජ මාධ්‍ය ජාලයෙහි මාසික පරිශීලකයින් මිලියන 550 ක් දිනකට සටහන් මිලියන 200 ක් පළ කරන බවද මස්ක් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන මස්ක් ට්විටර් ජාලය මිලදී ගැනීමෙන් අනතුරුව එය X ලෙස වෙනස් කිරීමට පසුගිය ජූලි මස පියවර ගෙන තිබුණා.

2022 ඔක්තෝම්බර් මාසයේදී මස්ක් ට්විටර් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය මිලදී ගැනීමට පෙර මිලියන 238 ක් වූ දෛනික ක්‍රියාකාරී පරිශීලකයින් පිරිසක් එහි සිටි අතර එහිදී එම සමාජ මාධ්‍ය වෙබ් අඩවියේ පරිශීලකයන්ගේ ප්‍රමාණය වෙනස් ක්‍රමයකින් ගණනය කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් කබලෙන් ලිපටම වැටෙයිද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති...

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව කල් ගිහින්

ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කළා. එම මණ්ඩලය කියා...

කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...