මෙරට උද්ධමනය තවත් අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව අගෝස්තු මාසයේදී මෙරට උද්ධමනය සඳහන් වන්නේ 2.1%ක් ලෙස බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ජූලි මස උද්ධමනය දැක්වුණේ 4.6%ක් ලෙසයි.
මේ අතර ආහාර උද්ධමනය අගෝස්තු මාසයේදී -5.4%ක් ලෙස දැක්වු බවත් එම අගය ජූලි මාසයේදී -2.5%ක් ලෙස සටහන් වී තිබු බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
ආර්ථික අර්බුදයත් සමග පසුගිය වසරේ ඉහළ ගොස් තිබූ උද්ධමනයේ අඛණ්ඩ පහළ යාමක් ගතවූ මාස කිහිපය තුළ සිදුවූ අතර පසුගිය ජනවාරි මාසයේ උද්ධමනය වාර්තා වී තිබුණේ සියයට 53.2ක් ලෙසයි.