පාපන්දු සම්මේලනයේ විධායක කමිටුව තෝරා පත්කර ගැනීම සඳහා වන නිලවරණය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද (29) පැවැත්වෙනවා.
ඉදිරි සිව් වසර සඳහා මෙවර උණුසුම් තරඟයක් පැවැත්වෙන අතර ඒ සඳහා හිටපු සභාපති ජස්වර් උමර් මහතා සහ නව අපේක්ෂකයකු ලෙස දක්ශිත සුමතිපාල මහතා තරඟ වදිනවා.
නිලවරණයේදී ඡන්දය ප්‍රකාශය කිරීමට ලීග් 67 සුදුසුකම් ලබා ඇති අතර අද පත්වන විධායක කමිටුව ලබන සිව් වසර දක්වා ශ්‍රී ලංකාවේ පාපන්දුව මෙහෙයවීමට නියමිතයි.
නිලවරණය නිරීක්ෂණය සඳහා ලෝක පාපන්දු සම්මේලනය, ආසියානු පාපන්දු සම්මේලනය මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ තිබෙනවා.
පසුගියදා ඉදිරිපත් කළ දක්ශිත සුමතිපාල මහතාගේ නාමයෝජනා පාපන්දු නිල වර්ණ කමිටුව මඟින් ප්‍රතික්ෂේප කළත් පසුව අභියාචනා කමිටුව විසින් සුමතිපාල මහතාට තරඟ කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.