25 C
Colombo
Friday, January 10, 2025

මෙරට මන්ත්‍රීලා ගැන චීනයේ තියෙන ආදරය

- Advertisement -

චීනය විසින් කලාපයේ අනෙකුත් කිසිම රටකට වඩා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා චීනයේ සංචාරය කිරීම සඳහා අවස්ථා පිරිනමන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා.

චීනය එහි ජාත්‍යන්තර සහයෝගීතාවය වර්ධනය කිරීමේ පියවරක් වශයෙන් ශ්‍රී ලංකාවේ පෙර පැවති පාර්ලිමේන්තුවේ සාමාජිකයින් 225 දෙනාටම චීන‍ සංචාර සඳහා සහභාගී වීමටත් එහිදී චීන කොමියුනිස්ට් පක්ෂය (CPC) සමඟ සම්බන්ධතා ගොඩනඩාගැනීමටත් ආරාධනා කර තිබුණා.

වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක්ද මේ වන විට චීනයට ගොස් ඇති අතර ඉතිරි පිරිසටද විවිධ වැඩසටහන් ඔස්සේ  නුදුරු අනාගතයේදීම චීනය වෙත යෑමට අවස්ථාව හිමි වනු ඇති බවද වාර්තා වෙනවා.

එමෙන්ම මෙම වැඩසටහන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන දේශපාලනඥයන්ද ඇතුළත් වෙනවා.

එහි ආර්ථික, තාක්‍ෂණික හා විද්‍යාත්මක යන අංශයන් සමඟ නැඟී එන ලෝක බලවතෙකු වශයෙන් චීනය එහි ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ගැනීම වේගවත් කර තිබෙනවා.

එමෙන්ම ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම ඔවුන්ට උපායමාර්ගික වශයෙන් වැදගත් වීම නිසා ශ්‍රී ලංකාව සමඟ සබඳතා පැවැත්වීම කෙරෙහි ඔවුන් විශේෂිත අවධානයකින් යුතුව කටයුතු කරනවා.

ඒ අනුව රටේ ප්‍රතිපත්ති සම්පාදනයේදී මෙන්ම තීරණ ගැනීමේදී වඩාත් මූලිකව කටයුතු කරන  පාර්ලිමේන්තු සාමාජිකයින් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට ඔවුන් උනන්දු වී තිබෙනවා.    

2015 වසරෙන් පසු චීන කොමියුනිස්ට් පක්ෂය ශ්‍රී ලංකාව සමඟ සබඳතා පුළුල් වශයෙන් ව්‍යාප්ත කිරීමට යොමුව තිබෙනවා.

එමෙන්ම නව එළඹුමක් වශයෙන් බලයේ සිටින පක්ෂය සමඟ පමණක් ගනුදෙනු කිරීම වෙනුවට  සෑම පක්ෂයක් සමඟම වෙන වෙනම සබඳතා ගොඩනඟා ගැනීමට ඔවුන් පෙළඹී තිබෙනවා.

චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සබඳතා පැවැත්වීමට යොමුව තිබෙන අතර චීන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ප්‍රධානියා වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයායි.

එමෙන්ම 2015 ට පෙර මහින්ද රාජපක්ෂ රජය ශ්‍රී ලංකාවේ ප්‍රධාන යටිතල පහසුකම් දියුණු කිරීමේ  ව්‍යාපෘති සඳහා මුදල් යෙදවූ චීනය සමඟ සබඳතා වර්ධනය කිරීම වෙනුවෙන් උනන්දු වී තිබුණා.

එමෙන්ම චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 2014 වසරේ ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ වරාය නගරයට මුල්ගල තැබීමද එම සබඳතාවල ප්‍රතිඵලයක්.

චීනය සහ එවකට රාජපක්ෂ රජය අතර පැවති මෙම ගනුදෙනුව හේතුවෙන්  චීනය ‘රාජපක්ෂවරුන්ගේ අනුග්‍රාහකයෙකු’ වශයෙන් විපක්ෂයේ විවේචනයටද ලක් වුණා.

කෙසේවෙතත්, වර්තමාන තත්වය තුළ චීනය ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ සමඟ සබඳතා ගොඩනඟා ගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

එම උත්සහයෙහි එක් පියවරක් වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කරන පුණ්‍ය ව්‍යාපෘතියකට චීන තානාපති කාර්යාලය විසින් මුදල් පරිත්‍යාගයක්ද සිදු කර ඇති බව වාර්තා වෙනවා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ අදහස වී ඇත්තේ විපක්ෂයද එක් අවස්ථාවක හෝ බලයට පැමිණීමට අවකාශය ඇති බැවින් එලෙස සබඳතා ගොඩනඟා ගැනීම වැදගත් බවයි.

RECENT ARTICLES - SINHALA

කටුනායක ගුවන්තොටුපළේ සිට මාකුඹුරට බස් රථ සේවාවක්

ශ්‍රී ලංකා මණ්ඩලය විසින් කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඔුර - බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද (10) සිට ආරම්භ කර තිබෙනවා. ගුවන්තොටුපළ හා...

අද සිට වැස්ස වැඩි වෙන හැටි

0
දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල අද (10) සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා...

අහුන්ගල්ලේ වෙඩිතැබීමට සැකකරන යතුරුපැදියක් සොයාගෙන

අහුන්ගල්ල බෝධිය අසලදී ඊයේ (09) පෙරවරුවේ සිදුවු වෙඩිතැබීමට යොදාගත් බවට සැකකරන යතුරුපැදියක් අහුන්ගල්ල පොලීසිය විසින් ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබෙනවා. අහුන්ගල්ල පොල්අතුකන්ද ප්‍රදේශයේ පිහිටි කුරුඳු ඉඩමක...

POPULAR ARTICLES