හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාගේ කටාන ප්‍රදේශයේ පිහිටි නිවසට සොරුන් ඇතුළුවී එහි තිබූ බඩු භාණ්ඩ කිහිපයක් රැගෙන ගොස් ඇති බව පොලීසිය පවසනවා.
හිටපු අගවිනිසුරුවරයා මේ වන විට කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඔහුට අයත් කටානේ නිවසේ පසුපස දොර කඩා සොරැන් ඇතුළු වී තිබෙනවා.
කොච්චිකඩේ පොලිසිය සඳහන් කරන්නේ 27 වනදා රාත්‍රියේ එම නිවෙසට ඇතුළු වී මෙම පිරිස එහි තිබූ පිත්තල අලියෙක් හා කුඩා ටජ්මහල් අනුරුවක් ඇතුළු භාණ්ඩ 27ක් සොරාගෙන ගොස් ඇති බවයි.
එම ඉඩම සහ නිවස බලා ගැනීම සඳහා දිවා කාලයේදී පමණක් මුරකරුවකු රැඳී සිටින අතර සොරකම වූ දිනට පසු දින උදෑසන පැමිණි මුරකරු නිවසේ දොර කඩා ඇති බව දැක පොලිසියට මේ බව දැනුම් දී තිබෙනවා.