30 C
Colombo
Friday, December 20, 2024

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව අද සවස 5 ට

- Advertisement -

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 පිරිමි සහ මීටර් 400 කාන්තා අවසන් වටය අද (30) පැවැත්වෙනවා.

මෙම තරඟ අතුරින් කාන්තා අවසන් මහා තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30 ටද පිරිමි අවසන් මහා තරඟය පස්වරු 5.40 ටද පැවැත්වීමට නියමිතයි.

මෙම තරඟවල සජීවී විකාශය Sony Live සහ Ten Sports යන නාළිකා ඔස්සේ නැරඹිය හැකියි.

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 400 ඉසව්වේ දෙවන මූලික තරඟය ඊයේ පැවැත්වුණු අතර තත්පර 52.67ක දක්ෂතාවයක් දැක්වූ නදීශා රාමනායක එහි දෙවන ස්ථානය දිනා ගනිමින් අවසාන තරගයට සුදුසුකම් ලබා ගත්තා.

පැවති මූලික තරඟ තුනේ දක්ෂතාවය අනුව අවසාන තරඟයට සුදුසුකම් ලද ක්‍රීඩිකාවන් අතර නදීශා තෙවන ස්ථානයේ පසු වෙනවා.

මේ අතර, ඊයේ පැවැති මීටර 400 පිරිමි මුලික වටයේ පළමු තරඟයට එක් වුණු කාලිංග කුමාරගේ ඊයේ ඉන් පළමු ස්ථානය හිමි කරගත්තා.

ඒ තත්ත්පර 45.57කින් තරඟය නිමා කරමින්.

තුන්වැනි මූලික වටයේ තරඟයට එක් වුණු අරුණ දර්ශන තත්ත්පර 46.07ක කාලයක් වාර්තා කරමින් තරඟය නිමා කළේ තෙවැනියා ලෙසයි .

ඒ අනුව දෙදෙනාම අද පැවැත්වෙන මීටර් 400 පිරිමි අවසන් තරඟයට සුදුසුකම් ලබා තිබෙනවා.

2006 වසරෙන් අනතුරුව ආසියානූ ක්‍රීඩා උළෙලක ජවන හා පිටිය තරඟ අංශ සඳහා ශ්‍රී ලංකාව කිසිදු පදක්කමක් දිනා ගෙන නැහැ.

ඒ අනුව, අද දින පිටියට පිවිසෙන ශ්‍රී ලාංකික කෙටි දුර ධාවන ක්‍රීඩකයන් තිදෙනාටම පදක්කමක් දිනා ගත හැකි වුවහොත් ඔවුන්ට ශ්‍රී ලාංකික මලල ක්‍රීඩා අංශය තුළ ඉතිහාසගත වීමට හැකි වනු ඇති.

මින් පෙර දෝහා හි පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වී තිබුණා.

කාන්තා මීටර් 200 ඉසව්වෙන් සුසන්තිකා ජයසිංහ සහ පිරිමි මීටර් 4×400 ඉසව්වෙන් සුගත් තිලකරත්නගේ නායකත්වයෙන් යුතුව රොහාන් ප්‍රදීප් කුමාර, ප්‍රසන්න අමරසේකර සහ රංග විමලවංශ යන කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් වරට ජවන හා පිටිය පදක්කම් දිනූ ක්‍රීඩකයින් වෙනවා.

RECENT ARTICLES - SINHALA

ඉදිරි මැතිවරණය ගැන අනුරගෙන් ඉඟියක්

පළාත් පාලන මැතිවරණය එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ සඳහා වූ නාමයෝජනා නැවත කැඳවීමට අදාළ පනත...

අමෙරිකානු තානාපතිනිය මහජන ආරක්ෂක අමාත්‍යවරයා හමුවෙලා

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජූලී චන්ග් මහත්මිය අද (20) මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා හා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා...

පොහොට්ටුවේ නව ජාතික කැඳවුම්කරු මෙන්න

ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී. වී. චානක මන්ත්‍රීවරයා තෝරාගෙන ඇති බවට වාර්තා වනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේ අද (20)...

POPULAR ARTICLES