27.3 C
Colombo
Saturday, April 12, 2025

ශ්‍රී ලංකාව නිරන්තරයෙන් සමුද්‍රීය විපත්වලට ගොදුරුවීමේ අවදානමක්

- Advertisement -

ඉන්දියානු සාගර කලාපයේ කාර්යබහුලම නාවික මාර්ගය ශ්‍රී ලංකාව ආශ්‍රිතව පිහිටා තිබීම නිසා තෙල් කාන්දුවීම් නිසා ශ්‍රී ලංකාව නිරන්තරයෙන් සමුද්‍රීය විපත්වලට ගොදුරුවීමේ දැඩි අවදානමක් පවතින බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

ආපදා අවදානම් කළමනාකරණය සහ ඉන්දියානු සාගර වටද්දර සංගමයෙහි ජපානයේ කාර්යභාරය පිළිබඳ සම්මන්ත්‍රණයේ ආරම්භක දේශනය පවත්වමින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසන්නේ සමුද්‍රීය පරිසරයට වන අවදානම් කළමනාකරණයට නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක භටයන් අතර සහයෝගීතාවය අත්‍යවශ්‍ය සාධකයක් වන බවයි.

ඉන්දියානු සාගර වටද්දර සංගමය තුළ ආපදා අවදානම් කළමනාකරණය සඳහා ජපානය විවිධ අයුරින් සිය දායකත්වය සපයා තිබෙනවා.

දැනුම හුවමාරු කරගැනීම, ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම, තාක්‍ෂණික හුවමාරු වැඩසටහන්, යටිතල පහසුකම් සංවර්ධනය සහ කලාපීය සංවිධාන සමඟ ක්‍රියාකාරීව සම්බන්ධවීම හරහා ජපානය ඉන්දියානු සාගර සංගමයෙහි සාමාජික රටවල, ආපදාවන්ට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට සැලකිය යුතු දායකත්වයක් ලබාදී ඇත.

RECENT ARTICLES - SINHALA

අවුරුද්දට ගමේ යන්න අදත් විශේෂ ප්‍රවාහන සේවා

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ මගී ප්‍රවාහන සේවා අද (12) දිනයේද ක්‍රියාත්මකයි. ඒ අනුව, මහනුවර, පුත්තලම, දඹුල්ල හා ගාල්ල...

ප්‍රදේශ රැසකට අද තද වැසි

අද (12) උදෑසන කාලයේදී  බස්නාහිර සහ දකුණු පළාත්වලත්  පුත්තලම, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම...

මේ ආණ්ඩුව රනිල්ගේ මයිල් ගහක්වත් හොලවන්නේ නැහැ – චාමර සම්පත්

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මයිල් ගහකටවත් හානියක් සිදු නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

POPULAR ARTICLES