ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැරීමට කටයුතු කළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය අද(13) නියෝග කර තිබෙනවා.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය එහිදී වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ එම පුද්ගලයින් නොවැම්බර් මස 16 වනදාට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටයි.
අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශණයකට අදාළව කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකර තිබෙනවා.