දේශපාලන කොන්දේසි කිසිවකින් තොරව ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමට චීනය එකඟතාව පළ කර තිබෙනවා.
අද (20) දින චීන ජනාධිපති ෂී ජින්පින්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව පවසා තිබෙනවා.
එහිදී චීන ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ අපනයන වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමට චීනය අපේක්ෂා කරන බවයි.
චීනය සහ ශ්‍රී ලංකාව අතර ජාත්‍යන්තර සහ කලාපීය කටයුතු පිළිබඳ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම වෙනුවෙන් සැලසුම් සැකසීමටද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.