වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය කිරීම තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආනයන පාලකවෙත දැනුම්දී තිබෙනවා.
ඒ අනුව ඊට අදාල ගැසට් නිවේදනය අද (05) නිකුත් කිරීමට නියමිතයි.
එමෙන්ම දැනට ආනයනය කර ඇති පාම් ඔයිල් නිකුත් කිරීමද සම්පූර්ණයෙන්ම නතර කරන ලෙසට ජනාධිපතිවරයා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
තවද මේ සමග කටුපොල් වගාවද සම්පූර්ණයෙන්ම තහනම් කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.